මියෙන දළු අග කැකුළු අහසින්
නොයැදි වැහි වේ නම්
එවන් වැහි කැට කුමට පොළොවත්
සිඹිනවද සෙනෙහෙන්
ගසෙක මුල් වුව ලොවට නොකියන
රහස එය වේ නම්
මමත් නොදකින නුඹ නොහඳුනන
ප්‍රේමය ද, එය නම්....!
ග්‍රීස්මෙක තෙත සිඳුනු විලෙක ට
යලිත් දිය එයි නම්
සොඳුරු ගිම්හානයක ඒ විල
මලින් බර වේ නම්
වස්සානයක අරුම සෙනෙහස
ඒ තරම් පිරිපුන්
මගේ හද තුළ නුඹට නොහැඟෙන
ප්‍රේමයේ තරමින්....!
••••••••••••••••
එකී ප්‍රේමයක් තුළ මෙසේ පැතුමක් ද ලියමි!
දෛවයෙහි මොනයම් සරදමක් පසුපස වු'ව,,
නුඹේ ඇස් සුපුරුදු සිනහවෙන් පිරී තිබිය යුතු ය....!
එයින් මගේ සිත නිවිය යුතු ය!''
__අහස්...✍__