Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Member

Jan 29 2026 @ 05:01

ප්‍රේමයෙහි අසුර පියපත්!



ජීවිතය අහඹුවක් බව දැන දැනත් ගෙවෙන තත්පර...ඉවත යන සුසුම් කැටි...නුඹෙන් ලද පිරුණු හසරැල්ලක් ම පාසා
මා හෙටත්.....මමත්වයෙන් වැළඳගමි!....

සඳ සේද අතර කැටි වූ මේඝ කද වෙත,
සුර දූතයින් තහනම් පවුරු බැඳි ක්ශීර සාගරය වෙතත්,
මැදියම වෙස්වලාගත් මහා ඝණ අඳුර වෙතත්,
හරිතයෙහි මාන නොදත් මහා ගිරි ශිකරයන්ටත්,

කිසිදාක නොලී ප්‍රේමයක්.
පිරුණු ලෙස ළය හොවා,,
සෙනෙහසින් සිපගනිමි''
ප්‍රේමයෙහි' අසුර පියපත්...!


_අහස්...✍️_