දමා තුත්තිරි මල් මිටත්
නුඹ යලිත් කුහුලින් හැරේවා
ඈත කන්දේ මගේ සෙවනෙහි
පිපුණ මල් ඉති දකීවා
ඉඟුරු මල' නුඹෙ අමුතු සිනහව
වරක් මගෙ නෙත ගැටේවා
මගේ කළබල සිතෙහි දා බිඳු
මල් රේණු අග නිවේවා
ඔබේ සුසුමක් වියලි අහසට
වැහි පොදක් සේ දැනේවා
ඔබේ දෑසට සිනාසුනු මල්
මගේ සෙනෙහෙන් නිවේවා
වැලි මලුව ලඟ තවත් භවයෙක
නුඹේ සිනහව පිපේවා
ඉතින් සසරෙහි හුරුම තැනකදි
යලිත් අප මුණගැසේවා
_ මග බලා හිඳීමට පමණක් ම වු'ව
ප්‍රේමයෙහි මල් පිපීම
කොච්චරක් සාධාරණ දැ'යි නොලියමි.......
නමුදු එවන් ප්‍රේමයක වු'ව
උස් පහත් තැන් නිර්ණය කිරීම
අසාධාරණ යැ'යි ලියමි! _
__අහස්...✍__