( A short story )
වසන්තය ද පිළිකුල් නොවේ යැ'යි කිව නොහැකිය.... ග්‍රීස්ම සෘතුවේ මුණ ගැහෙන වියලි මලානික සුළඟ වස්සානය මැද වේගයෙන් හමන කුණාටුවකට වඩා අතිශයින් බොළඳ මිහිරි මනස්කාන්ත ය.....
හුදෙක් අනපේක්ශිතයැ'යි ලියුනු අතැම් සටහන් පවා සියැසින් දැකීමට හැකි නොවේ ම යැයි කිව නොහැකිය....
දෛවය...,
එය කාන්දමක් බඳුව රැය දවල් රැකවල්ලාගෙන ජීවිතයේ සියුම් කැපුමක් පවා නිශ්චය කරමින් ඇත....
බොල් හසරැළි' නොසන්ඩාල කවට කම් මැදින් ජීවිතය ගලා යන වගක් නොදැනෙන අපූරුව..!
පය පැකිලී වැටෙන කුඩා දරුවෙකුගේ කඳුලත්...එයට සිනාසෙන්නවුන්ගේ සියුම් ප්‍රහර්ශයත්...එයට උරණ වූ කෝපාවිශ්ටයෙකුගේ ගෙරවුම් හඬක් පවා එයට මුසුව ඇත....!
ඔහු ගේ දෙනෙත් යලිත් සුපුරුදු සල්ලාල සිනහවෙහි ගිලී නැවතත් මා දෙස සෘජු බැල්මක නතරවුණි!
පුදුමයක්!
ඔහු ගොලුවෙකු නොවේ...''
''දුස්ට ගෑණු ළමයෝ....
ඔය නහය උඩ තියෙන සොස් ටික පිහිදගත්ත නම් ගෙරවිල්ලටත් නම්බුයි...''
අහෝ කොච්චර මුර්ගයෙක් ද
සියලු යටපත් හැඟීම් මොහොතකින් පහව යන්නට විය...
දෛවය ඒ තරම් කුරිරු වගක්
'' ඇයි ගොලු ද
කණ් ඇහෙන්නෙ නැති පාටයි
පව් අහිංසක ආබාධිතයා ''
අනුකම්පාවටත් අගෞරව සහගත සල්ලාල මුවට මාංචු දැමිය යුතු නොවෙද....
'' නොසන්ඩාල තක්කඩියා...!''
එක්වරම මුව ඔහුට සාප කල හැටි
ඒ පළමු හමුවීම උපහාසාත්මක වූවත් කෙතරම් හාස්‍යජනක ද
කාලයාගේ නිර්ලජ්ජිත හැඟීම් විසින් ඔහු කෙරෙහි හදවතෙහි ඉඩකඩ පිලිසකර කල හැටි!
කාලයා ම හදවත තනිකොට ඔහු ව වෙන හදවතක් ලඟ නතරකළ හැටි!
එක්කො දෛවයට වෛරකල යුතුවත් ද
නමුත් ඔහු අද සුපුරුදු මාවතේ නුපුරුදු තාලයකට තවකෙකුත් සමඟ සතුටු සාමීචියක පිය ගැටෙන හඬ
පසුපසින් ගාටන හදවතක් කොහොමට බිඳ දමන්නට ද?
සියුම් අංශුවක පවා ඔහු කෙරෙහි ප්‍රේමයෙන් තෙත් වූ හදවත යලිත් ඒ ප්‍රේමයෙහි තෙතමනයෙන් වියැලිය යුතු ද නැත
ආධ්‍යාත්මික නිදහස ඒ තෙතමනය තුළ ලැගුම් ගෙන ඇති බැව්
තව දුරටත් එයින් මිදීමට වෑයම් නොකල යුතු ය
ඒ මටසිලිටු සියුම් ප්‍රහර්ශය....
තාරුණ්‍යයේ ප්‍රේමණීය දෛවය නම්
එය හද පුරා වෙලාගෙන ඇත
ඉතින් ඉතිරිව ඇති ලෙසට පය ඉක්මන්කර ඔවුන් පසුකර යා යුතු ය!
-හදවතෙහි ස්වරයට ඇහුම්කන් දෙන්න...
එහි දෝංකාරය ....
ජීවිතේ සුන්දරම වෙනස්කම් ලඟ,,
ඔබව වැළඳ ගනීවි!-
_අහස්...✍️_