ප්‍රේමයෙහි හවස්වල නුඹෙ කොපුල් සිපගන්න
සුසුම් රැඳි සුළඟකට යන්තමින් ඉඩ දෙන්න
යලිත් නුඹ පිපුණොතින් අවාරෙක නොපෙනෙන්න
අහම්ඹෙන් වරක් හෝ මගෙත් නෙත් දැකගන්න
_නුඹ පිපෙන අවාරය මල්වලින් පුරවන්න
මඟ බලමි ඉතින් සඳ,''ආදරෙන්'' දැකගන්න!_
__අහස්...✍__