හද තුහින කඩා පිණි වහින තරම්
මගෙ සිතැඟි පුරා නුඹ වඩින තරම්
සිත් අහස පුරා රැඳි සඳ මණරම්,
රත්තරනේ... නුඹ' මට බැඳුනු තරම්
මුලු භවය පුරා 'මගෙ ලියු අපමණ
ඇති හිඩැස් මැකුණු තැන් හදක නිතර
නුඹ නොවැඩියාට මගෙ නෙත් පසුකර
මුලු හදම ලියමි තුඩකින් කඩ කඩ
පිපි නිමල හදෙක කුලුඳුල් ම කුසුම
ප්‍රේමය' යි කියා නුඹ නෙළනා හෙට
මගෙ දෙනෙත් පුරා 'වී; සඳක කිරණ
වැඩ එන්න සමිඳ; හුරු තරු අඹරට !
__ප්‍රේමයෙ'හි නිමිත්ත....
පෙරළා ප්‍රේමය ම බලාපොරොත්තු වීමක් නොවිය යුතුම'ය !''__
__අහස්...✍️__