නොලී කවක සඳ නුඹ රැඳුනත් මහරු
මගේ සුසුම් පත් රහසින් හැඬු අයුරු
හදෙහි කොණක වත් නුඹ නෑවිත් හිටපු
එක ම දවස අද වීයන් මෙයින් මතු
පැහැපත් අහසක සඳ නොවඩින අයුරු
කෙතරම් මියුරු ද රෑ මැද දිලෙනයුරු
වළා පෙලත් ඉකි බින්ඳා නොවෙයි කියූ
බොඳ ඇස් පිනි පොද නොදුටුව දෙන් යලිඳු
සුපෙම් හදත් සිත් අහසත් නුඹ හිඳපු
එක හුස්මට හිස්වී යයි නම් දැනුදු
කියාගන්න බැරි තරමට උණුසුම් වූ
මතක දිගුව අලුබත් වෙයි නුඹ වැඩපු
සිඳෙන්න හැකි නම් අහසට බරක් නොවූ
ගිලිහී වියැකෙන පිණි බිඳුවක අයුරු
හිඩැස් නොරැඳි එක අමාවක ම අඳුරු
සිඳෙනු මැනවි! සිත් අහසක් වෙත නුඹෙ වූ
-අප්‍රකාශිත හැඟීම් යනු හුදෙක් වේදනාත්මක සන්තර්පණයන් ම පමණි.....
මතක දිගුවක හිමිකම් අහිමිකම් අරබයා වැටෙන කඳුලු බිඳුවක ඇල්මක් වු'ව,
මටසිලිටු ප්‍රහර්ෂයක් කොට අනෙකාට දැනවීම තරම් කෲර ක්‍රියාවලියක්
ප්‍රේමය වන් සියුම් ප්‍රෙහේලිකාවක නොලගින්නට;
ප්‍රේමය එතරම් ම මිහිරි වනු ඇත!-
_අහස්...✍️_