මලින් රැකි තැන පටන් නටුවක් උසුලාන සිටි මහමෙර
ඉරෙන් පස්සා රුවට මෝරා මහ පොළොව සිපගත් කළ
රැගෙන දෝතින් පස් පිඬක් මත ඉතා සෙනෙහෙන් පැළකළ
පෙති බෙදී ආ තැන් පටන් සිට සදා සතුටක් පළකළ
මුලට බර දී මුදුන් මුල් පස සිදුරු කරවන් යන හැටි
කියා දුන්නා නොවෙද තරඟෙට ඉර සොයා දලුළන හැටි
ඉතින් සතුටක කඳුලු අතු අග මල් පියලි මත තියු හැටි
බුදු පුදට පිදි වරක් ගානෙම ගුරු හදට අහසක් තුති !
__අහස්...✍__