වරු ගනන් තනියම හූල්ලපු රෑක
සමහරක්විට මටත් හිතෙන්න ඇති
පපුව පලල දෙන්න තරම්
මන් උඹට ආදරේ කරනව කියලා.......
ඒත් නිදිමතේ ගෙවිච්ච හවස් වරුවක
ඒ හිතින් ම මං හිතන්න ඇති......
අපේ යාලුකම ම....
මහමෙරක් කියලා.....
ඉතින් අද වෙනතුරුත්
මොකුත් නොකියම.....
ආගන්තුක හිතක් එක්ක ගැටගැහෙන උඹේ හදවතට නිවෙන්න දීලා
නොසෑහෙන්න ලොකු බරක්
හුස්ම අස්සෙ හංඟගෙන.....
මං බිම බලාගෙන ඉන්න ඇති
පිටුපාන්න තරම් වත් අයිතියක්
උඹ මට නොදීපු හන්දා.....!''
__බොහෝ දින පොත්
මතකයැ'යි කියා සුව නොවන පිහි ඇණුම් පිටු අතර ඉතිරි කර වසරක් පාසා ම වැසී යති...!
අංශුවක් පාසා මෝරන හැඟීම්
එක හුස්මට අලු කරමින්
කාලය විසින් හදවත කූද්දන වාරයක් පාසා....
නැවතත් පෙරළෙති...!
හිත් හත් කඩෙහි පලා
මතක පිහිතුඩු අගින්
හදවත ම ඉරා දමති....!!''__
__අහස්...✍__