Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Member

May 26 2026 @ 12:20

නාඬන් ප්‍රියාවේ....



නුඹ ලී සිනාවේ සොඳුරු හසරැල්
දෙනෙතින් බොඳවී ගියා
සඳ', කී කතාවේ හිඩැස් මැකුනා
නුඹේ දෙකොපුල් පුරා
මොහොත ගානේ සිත පීරා
සෙවූ සිසිලස නිසා

හදවතම දැවුනා .....
දැනුන වාරේ
නුඹේ..... හුස්මක් පවා



දවන හද අමතා නුඹේ නෙත්
ලියූ සෙනෙහස නියා
මහමෙරක් සිසිලස ලයට දැනුනා
වරක් නුඹගෙන්මයි කියා
ඒ මොහොත හැමකල් දකින වාරේ
හදේ රිද්මය දෙනනිසා

නාඬන් ප්‍රියාවේ...
හිඳිමි හැමකල්
නුඹේ සිසිලසවෙලා...


_අහස්...✍️_