ඉතින් සඳේ 🌙 ''.....

අන්සතු හීයක මල් සනහන්නට මා හද රැඳි පෙම් මල් යහනාව ම
[b]සුසුම් පොදක් සේ හදින් ම දන් දුන් වෙසතුරු නුඹ විය මා නෙතු හමුවූ[/b]
[b][i]ඉතින් නුඹේ ලොව ඒ මල් යහන ම ඈ අත සිපගත් නුඹෙ අත පාමුල[/i][/b]
[b][i]මගේ හදින් සෙනෙහසින් පිරිනැමූ තුටුපඬුරක් වේවා....![/i][/b]
මතකෙක සඟවා නුඹ ම දුටුව නෙතු අඩවන් දෑසින් නොවිඳි වරදකරු
මා සතු නුඹ නෙතු අඩවන් වූ තතු හසරැල්ලක් සිතු මම මි වරදකරු
සුවඳ නොවිඳි සඳ විඳිනු නොහැකි වුව මනසින් සැනහුනු මම මි වරදකරු
ඒ තතු ඈ සතු ඒ නිල් නෙතු ලඟ සුර විමනක් වේවා....!
සුහද නුඹේ නෙතු යලිත් වතාවක මගේ දෙනෙත් අග යලි හමුවන්නට
මතක අතර මොහොතක කිමිදෙන්නට නුඹේ වියත් හද කොහිද අසන්නට
එකම වරක් හෝ මේ ඉර හඳ යට ආගන්තුක සේ යලිඳු දකින්නට
[i]දෑස් පියා මා මියෙනා දින තුරු මට ද නොහැකි වේවා....![/i]
''අතීතය මට දෙන්න; එපා අරගෙන යන්න
[center]
[b]හැමදාම මල් පිපී ඵල දරන 'වසන්තය' නුඹ ගන්න''
[/b]
[left][b][b][i][b][i]
අහස්...✍️