තඹර පෙති සියුමැළි ද දැණුනා
මදහසෙ'ක නෙතු ඉවත බැලුවා
සඳත් අඩවන් වී වළා මැද
මොනවදෝ හදවතට කියුවා!
සළෙ'ල සමුදුර ඉලුක් දළු ලා
උණු දියෙක සුසුමින් ම නිවුණා
මහරු අතැඟිලි සලු පොටක ලැග
සිනාසී නෙත් දැහැණ බිඳුනා
මොණරිය'ක පෙඳ 'පිළක්' ගවසා
මොණර ඇස් හද නිවා දැමුවා
තැලුණු නාඹර ළදල්ලෙක'
ඉකිලමින් රුහිරෙන් කඳුලු දෙව්වා!
විඩාබර ඇසි පිය වසා
කල්පයක් දුර මොහොතකින් වින්ඳා
සත් රුවන් සේ දුහුල් යහනක
පිබිදෙන්න සිහිනයක බැඳුණා
__අහස්...✍__