සඳ කෙමි අදත් ගැවසෙන විට දෙනෙත් පුරා
මැදියම හිස වසා පිණි කැට දොවන තුරා
කවුලු දොර අසල දින පොත පුරන නියා
නිදිමරාන රැඳුනෙම නුඹෙ මතක නිසා
ලියවුනි කවක් ගොනුකර ගෙන හැඟුම් පොදි,
හදවත පුරා රැඳි අපමණ සෙනෙහෙ කැටි
නෙත් මත පෑරෙමින් බිම තෙමු කඳුලු කැටි
ඉසිලුව බරක් කෙතෙකැයි තව ගනින්නෙමි
පිච්චෙන පපුව මත නුඹ සිසිරයක් නිසා
දින පොත අතර ගැල්වුනු රුව නුඹම නිසා
ඊලඟ හැඟීමත් නුඹ පමණක් ම නිසා
නොලියමි අන්සතුයයැ'යි නුඹෙ දෙනෙත් පවා
__________.................
මතකයෙහි වත්සුනු
තවමත් නොසේදී ම දෙකොපුල් මත ය....
මෙතෙක් තනිව ම පහන් වූ රැයවල්
නොගිනිය හැකි ය......
හදවත තුළ නැගී එන දෝංකාරය නම්,,
දැන් වෙනදාටත් වඩා ඉස්මතු ව ඇසේ.....
හැඟීම් තුළ නිමග්න අනේක සිතිවිලි,,
නිරායාසයෙන් ම නුඹ උදෙසා ම පක්ශපාතී ය......
නිස්කාරනේ ඉවතලන සුසුම්
ඉසිලිය නොහැකි මට්ටමින් හිසතුළ උසුලාන ඉන්නා භාරයන් ගෙන් හිස නිදහස් කරයි
පැවසිය හෝ විමසිය නොහැකි බොහෝ තැන් තවමත් හදවතෙහි ප්‍රශ්ණාර්තයක් බඳුව ශේෂ ය !'
__අහස්...✍__