Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




_ අහස්...✍️ _ level_badge

_ අහස්...✍️ _

Member

Aug 05 2024 @ 12:08

ප්‍රේමයෙන් ආ‍තුරව...!!



ආ ගමන නිමාකර පේවී
නික්ම යයි සඳ කිඳුරු දේවී....!!

_______________________________

සොඳුරු සිහිලැල් සිහින පාවී
සුසුම් සේ පොදි බැඳෙයි ස්වාමී
ඒ සුසුම් සුළඟ වෙත හාවී
මගෙම හද මත ගැටෙයි ස්වාමී

කඳුලු කැට ගල් වෙලා හාවී
දෙනෙත් කොන් ඉකි ගසයි පෑරී
මහපොළොව නොදත් ඒ සෝ ගී
නුඹට මං ලියන්න ද ස්වාමී

මග නොහැර නුඹ ම පැතු ප්‍රේමී
අතරමං වූ පෙමක හාවී
මගහැරෙන වග දැන ම ලතැවී
ප්‍රේමය ට දොස් නගයි ස්වාමී

_______________________________

මේ භවය මට මදියි...!  ස්වාමී''


__අහස්...✍__

_______________________________


Loading...