ඉතින් සඳ
නුඹ පැතුව වරදට
මගෙත් හදවත
ගොලු වුණා
අදත්
ඉස්සර පුරුද්දට
මගෙ ඇසෙහි
කොන් අග තෙත් වුණා
එදත් නුඹ
නෑඹුලේ අරගත්
දෑත් නුඹ ලඟ
ගැවසුනා
ඉතින්
යන්තම් හිනාවෙන්නට
පුරුදු ලෙස
මං බය වුණා
'' ඒක අවුරුදු ගාණක් තිස්සෙ පොද බැඳපු මතකවල අමූලික සත්‍යවාදී විවරණ ලැයිස්තුවක එකතුවක්....
ඇත්තට ම කිව්වොත් ඒක එහෙම නොවෙන්න තිබිච්ච ඒත් එහෙම ම වෙච්ච කතාවක්.....
අඩු තරමින් බැල්මක වත් පහස නොලබපු වේදනාකාරී හැඟීමක්......
ඇත්තට ම ඒක සපුරා තහනම් වෙච්ච කතාවක මං අතහැරපු පරිච්ඡේදය ක ඇස් දෙක නොරිද්දපු ඉරිසියාකාර දැනීමක් ....''