
ළයේ මලානික සුසුම් එකතුකොට ලියා තිබූ මුතු අකුරු පුරා
හදේ සෙනේදිය උල්පත දියකොට නෙතින් ඉහිරු බව එහි පවසා
අමුනන්නට හැකි කෙටිම හාදුවත් සුදුමැලි දෙතොලත අගින් තියා
සොයාගන්න බැහැ කෙලෙස සිඹිනු මම හසුනෙහි නුඹ තියු හාදු සොයා
නියඟය ගොලු විය වස්සානය වූ නුඹෙ ප්‍රේමයෙ රස කවි හන්දා
දරාගනු නොහැක කෙලෙස නිවන්නද සැඩ රුදු විරහව කඳුලු පුරා
කඳුලු නොවෙයි ඒ නුඹ දුන් හීසර වැඩුනු ලයේ ගැඹුරම රන්දා
සුවඳ පිරුණු සුපුරුදු හසුනද නැත, විලවුන් ඉවරද එවනු ලියා...
'' එය අනියම් මගක් නොවන තුරු ම නුඹ මා කොයි මග ගිය ද....නුඹ මට උගැන්වූ ප්‍රේමය උන්මත්තකය.....මුණගැසෙන මොහොතක් පාසාම හදවතෙහි රැව් පිලිරැව් දෙන්නට තරම් සදාකාලික ය....
ඉතින් සුහද; නුඹ දුන් ඒ උන්මත්තක ප්‍රේමය ඉදිරියේ සදා නුඹට' නුඹ නමට' තුති පුදමි...''