නොපැහැපත් මගෙ අඳුරු අහසට
අහම්බෙන් බට සඳක් දුටුවා
තණපතක් වත් නොදුටු කතරක
හීනියට වැහිකඩක් හැලුනා
පීදුනා ඇත්තමයි මල් පෙති
එකක් ගානෙම මටත් සිඹුනා
වියැකෙනා බව දැනුනා ම නම්
ඒ සුවඳ නොවිඳින්න තිබුනා
සීරුවට හදවතෙහි ඉඩ ලද
සඳත් මල් පෙති සේ ම මියුනා
ආයෙමත් ඒ අඳුර තුරුලට
බදන්නට හිත බෑ'ම කිව්වා
එදා ඔය ඇස් දුටුව මොහොතෙ දි
හදවත ම පුපුරන්න දැනුනා
නුඹ ම කවියක් නොවුනා ම නම්
ඒ දෙනෙත් ගිණි ගන්න තිබුනා ...''
අවාරය තුළ හෝ වේවා.....
හදවතෙහි ලියෙනා සුසුමක් ම පාසා
ක වි කා ර යෝ !
නුඹ නමින් ම ගලපමි...''
__අහස්...✍__