සිත් අහස දොඩමලුව හඬන තරම්
නෙත් දෑල කඳුලින් ම පෙඟෙන තරම්
ලතැවුලෙන් ද හද ඔබ දකින තරම්
සඳ වාගෙ' ඔබත් හිමි නොමැති තරම්/''!
____________________
අවාරයේ පවා මුණගැසුනු ප්‍රේමණීය ම මිනිසුන්....
පොත් පිටු අතර අදත්.....
ප්‍රේමයේ අසීමාන්තික උස්තැන්හි හිඳ
(නො) කියා ම අනෙකා වෙනුවෙන් මග බලති!
ඉතින් එහෙව් ප්‍රේමණීය ම හදවත් මිලින වීමට මත්තෙන්....
විටෙක
ගෞරවාන්විත රචකයන් ගේ හදවත්වල ක්ශාරයන්ගේ ප්‍රතිමූර්තීන් ලෙස ද
තවත් විටෙක
නන්නාඳුනන කතුවරයන් ගේ දිනපොත් පිටු අතර රැඳි
මිලක් නිර්ණයකල නොහැකි මගබලා හිඳීම්වල හිමිකරුවන් ලෙස ද
අවසානයේ ඔවුන් අවාරයේ ම නික්ම යා යුතු ය
_____________________
_ ඉතින් හැකිනම්
විටෙක තවකෙකුට වරක් පමණක් මුණගැසිය හැකි ප්‍රේමණීය ම මිනිසෙකු වන්න _
__අහස්...✍__