මලෙක සුසුමක පියල්ලක් මත
දැණුනු සුසිනිඳු මුදු බවින් හෙබි
රෝස සුවඳක සලෙල කම් ලියු
තත්සරය නම් නොවෙද ප්‍රේමය ?
රැඳෙන පොරකන මිහිරි සුමියුරු
සොඳුරු සිත් රැඳි හැඟුම් අසබඩ
නෙතක් හින්දා වාරු බිඳගත්
හදක රැඳි බැමි නොවෙද ප්‍රේමය ?
නොනිදනා හැම රැයක් ගානෙම
මුවඟ හසරැලි අතුරාන විත්
කඳුලකට යන්තම් මෙහා හිඳ
හෙලූ සුසුමක් නොවෙද ප්‍රේමය ?
තැලී පොඩිවී විටෙක සිහිනෙන්
තිගැස්සී හද කැපුම් අතුරා
සිනිදුවට ඒ කැපුම් සිඹ සිඹ
කඳුලු හෙලුවා නොවෙද ප්‍රේමය ?
ඉතින් නුඹ නැති මැදියමක
මා තනිව වින්ඳා නොවෙද ප්‍රේමය ?
_ හටගත්තේ ප්‍රේමයක් නම් එය නිතැතින් ම උත්තරීතර හැඟීමක් විය යුතු ය _
__අහස්...✍__