අමාවක ඝන අඳුරු සේදෙක
සඳ එතී නිදනා වෙලාවක
තරු පහන් සීසා නොමැති එක
නොපැහැදිලි වී පෙනෙන අහසක
ඔහුත් නුඹ අතහැරී යන්නට
හේතු ලා නෙත් පියන වරුවක
නෙත් පුරා මට සිනාසීගෙන
ඉතින් කළු නුඹ ඉහිරියන්
සොඳුරු වස්සානයෙහි මීවිත
රෙදි කඩෙහි තුළ රැඳෙන දිනයෙහි
අගුලු නොදැමූ පියන් සුසැලී
ජනෙල් තිර නළ පට මමන විට
විඩාබර මගෙ ඇසුත් පියවී
සිසිල මත උණුසුම වෙලන විට
අහස පමණක් හිනැහේය කළු
ඉතින් රෑකල දිලීයන්
_ප්‍රේමය බොළඳ හෝ මිනිසුන් අන්ධ නැත....
පරිචයෙහි අවසන් ඇබෑර්තුවද කඩිනමින් වැසීයා හැකි මුත්....
අ ව ස න !
ඔබ සිනා සී....මා ද හිනැහිය යුතුය!' _
_අහස්...✍️_