සීතල යට; බර කඳුලු වැටෙන විට
තනිකම හිත කොන; දෝරෙ ගලන විට
සඳ විත් අහසෙහි මොනවද ලියමින්
පෙම්වත, අහසෙහි රටා ඇඳෙනවා
ගිණියම් මැදියම; තරු ඉකිලන විට
වැහිකුලු ඇවිදින් සඳ බොඳවන විට
ඇසෙහි දාර අග තෙත් වී හඬමින්
බියකරු අහසින් නුඹව යදිනවා
වැහි කෝඩෙක, කණ් අගුලු වැටෙන විට
උලු කැට අතරින් දිය බේරෙන විට
හෙල් මැලි කවියක පද විසිරුවමින්
අහස සිසාරා හෙණ පුපුරනවා
ඉකිලන්නට වත් හෙවනක් නැති කොට
පපුවට ඒ හැටි ඉහිලුම් නැති විට
නුඹ අන්සතු බව මම දැන සිටියෙමි
යෞවන අහසෙහි,
''කෝඩුකාර සඳ'' !
_ නුඹ අන්සතු බව
මම දැන සිටියෙමි...! _
__අහස්...✍__