නොපෙනෙන දුරකින් හිඳ කවි ලියුවාට
වචනයක් ගානෙ අයිතිය නුඹෙ හදට
සඳ තහනම් වූ මගෙ මුලු හදවත ම
හැකි පමණ හොවන්නම් ඒ වචනවල
හිරුමල, සඳවත මුණ නොගැසෙන රෑක
පිරිපුන් වී පැහැසර සඳ වැඩියාම
කවුලු දොර ලඟට ඒ වත එබුනාම
මැදියම'ම ලියමි උමතු ම පෙම් හීන
සිසිරය ට පවා තහනම් අගුලු සිඳ
කිරණ මත ගතම උණුසුම රැඳෙන විට
ඉඳ හිටක මටත් ලෙංගතු හිතෙනකොට
කවි පොතම පිරෙයි සෙනෙහස ලියෙන විට
හිතුවක්කාරයි සෙනෙහස දැනෙන තැන
නිරහංකාරයි නොකියා සිතන විට
හදවත රිදවන තහනම් කවිය වුව
විටෙක මල්වරයි සිහිනෙක රැඳෙන විට
_____________________________
ප්‍රේමයක් වු'ව
රැකවල්ලාගෙන නොහිඳ
ලැබිය යුතු නොවෙද ...?
සඳ' නුඹෙන් බට කිරණක් බඳු'ව
_____________________________
__අහස්...✍__