හුස්ම පාරන හදවතක බර
නුඹත් ඉඳහිට ගන්නවා නම්
අදත් සුපුරුදු හැඟුම් ගොන්නක
මටත් මම වී නුඹෙ වෙන්න තිබුණා
එකක් ගානෙම හසරැළි ම ගෙන
නුඹේ මුව අග සීරුවට
විරාමෙක වුව තෙත තියා හද
තවත් ප්‍රේමය තවරන්න තිබුණා
සිනහවක නුඹ වෙලූ ප්‍රේමයෙ
මුල්' හදෙහි ගැඹුරත් ඔතාගෙන
රැයෙක සිත සනහන හදක් සේ
මගෙත් නෙත් අග දිලිසෙන්න තිබුණා
දැනුත් කකියවනා නහර තුඩු
සිනිදු ඇසිපිය වගේ දැවටී
මෙලෙක් වූ හදවත පුරෝගෙන
අදත් කවියක ලියැවෙන්න තිබුණා
__අහස්...✍__