ඉරමුදුන් නැති නිසරු අව්වක
මලානික බව තියා කොපුලත
වඩීවී නුඹ කවද හෝ
යලිත් සුහුඹුල් සොහොන් කන්දට
සෙනෙහෙ අස්වනු නෙලූ දෑතක
දා බිඳක මතකය උරාගෙන
වසීවී නුඹ කවද හෝ
යලිත් සීතල සිසිර පින්නක
ලතාවක ලැදි බව දරාගෙන
මටත් ඈතින් පෙනෙන නිම්නෙක
එතේවී නුඹ කවද හෝ
මල් දරා තුරු හිසක රහසෙම
සඳක් වී මට ද නොහිමි ව
මට ත් පෙරයම පෙනෙන අහසක
දිලේවී නුඹ කවද හෝ
කඳුලකින් මුදු හාදු මල් මත''
-ප්‍රේමයෙහි වංචනික අධිමාත්‍රාවක
නිශාචර දෙනෙත්... පෙම්වත් නුඹ වෙනුවෙන්
ලියයි හෙටත්!....සබඳ''-
_අහස්...✍️_