වතක වත්සුණු මැකුනු හන්දද
නුඹට කම්මුල් පෙනෙන්න
ඉරිතලන වැහි කඳුලු අස්සෙන්
අනේ,, සඳ නුඹ වඩින්න
සුසුම් තවරා ආදරය ලියු
මතක හුස්ම කැටි සිඹින්න
සුපෙම්වත් සඳ දිය දොවාගෙන
මගේ සියොලඟ තෙමන්න
විටෙක කවිවන වදන් අභියස
එපා නුඹෙ හද කඩන්න
නෙතට සිත්තම් ඇඳෙන දුරකින්
නැවතිලා දුර හිඳින්න
අමාවක දා කලුවරක
නුඹ වැසි සමේ නොම පෙනෙන්න
මාත් ආසයි බලාගෙන හරි
නුවර වැව් දිය සිඹින්න
_________________________________
මට ම තහනම් කවිකම්
හදවතෙහි පුණ පුණා ලියෙද්දී
මුණ ගැහුනු අසීමාන්තික පෙම්සඳ,,
නුඹට.......🖤''
_අහස්...✍️_
_________________________________