එය දෝරෙ ගලා උතුරමින් අහක යන ඇස්
ඩැෆඩිල් මල් පෙත්තක සියුම් ම පියල්ලකත්
නිරායාසයෙන් ම ඉරිතැල්මකට පාර කී' ය!
එය යැද්ද වුන්
එය නොලැබූ හ....!
එය ඉවසූ වුන්
පරම භක්තිවන්තයෝ ය'!
එය නන්නාඳුනන්නන්,
බිහිසුනු ගාන්ධර්වයන් ය!!
එය ලියූ වුන්
කවීන් ය...!
ඒ කොතැනකත්..........,
එය නිවූ නුඹ' මට,
අහසක් ය....🖤''!
| ඉතින්,,,
තුනීම මේඝ පර්වතයන් හි ත්, මහා උදම් වයන ගිරි ශිඛරයන් හි ත්....
නන්නාඳුනන හරිත තැනිබිම් මත ත්.....
ලොවම අරබයා පිපි හෘද පියුමෙහි පියලි,
නිරායාසයෙන් උසුලාන සිටි....
පිණි මුතුන්, නුඹ නොවෙද? |
_අහස්...✍️_