නිදැල්ලේ මට සිනාසුනු අහසම නුඹ
පපුවෙ ඉහිලුම් නොදුන් ප්‍රේමයෙ තරමට
සෙනෙහෙ ගැඹුරුයි නුඹත් නොහැඳිනු තරමට
ඒ තමයි මා නොදුටු 'ප්‍රේමයෙ මුල් රැස'
අනන්තයෙ දුර සඳක් වූවා නුඹ මට
කියාගන්නට වදන් මිමිණෙනු කුමකට
රැයෙහි සිහිනෙක අතරමං වූ හදකට,,
නුඹයි සඳරැස එලිය දුන් මුලු අහසට
නොනිමි කතරක තණ පතක් වූ පණ නල
මටත් නොකියම නුඹේ ළඟ නැවතුනු වග...
ඇසිල්ලක මා නොදුටු අඹරක තරු කැට
කියා නොකියූ හදෙහි නැවතුවම ,,,
'නුඹ' ම ය….!
''අහසක් සනසවන්නට මුලු සඳක් මුලු ඉරක් මුලු රැයක් මුලු දහවලක් මුලු මැදියමක් සමත් වූවා නම්.... එතෙක් මහා සයුරු... මහා ඝණ මේඝ පර්වතයන් නුඹත් මම ත් අතීතයෙහි නොදකින්නට ඇත.... එකී අප්‍රකාශිත සිහිවටනයන් නොවන්න ට රැයත් දහවලත් ඊයෙත් අදත් ...දැන් පවා,, මෙබඳු සෙනෙහසකින් අප බදා වැළඳ නොගෙන ඉන්නට ඇත....
ඉතින් කැලික්ටස්,,
සමහරක් කෝපි පාට ඇස්
එකී ගැඹුරු මායාවන් හි
එකී ප්‍රේමණීයත ම රහස්
කිසිදාක නොදැක ම නොදැනී ම මියැදෙන්න ට ඇත ...!''
_අහස්...✍_