''අත් හැරීමත් නොවෙයි ප්‍රේ ම ය !''
ගිණිගත්ත හදක් වුව අමුවේ ම නිවීම ය
අතහැරෙන තැනෙක වුව හදෙහි මල් පිදී ම ය
විටෙක ඝණ කලුවරක තනිව හිඳ හැඬීම ය
ලඝු වුවත් රිදෙන තැන් හසරැළි ම ලිවීම ය
රිදවියම යුතු තැනත් නොරිදවා රැඳීම ය
සිඳිය යුතුමැ'යි හැඟෙන තැනෙද තටු රැකීම ය
ඉගිල්ලී දුරක යන විට ද මග බැලීම ය
ඇතියි යැයි හැඟීමක් තුළ ද සිහිකිරීම ය
මල් පිරෙන වසන්තය සිනාසී දැරී ම ය
රොන් පුරා සුවඳ විඳ සෙනෙහසින් රැකීමය
අතීතය නොරිදවා සිතක් තුළ මැරී ම ය
යලිත් දැක නිවෙන්නට මොහොතකුත් පැතීමය
වාරයේ සුසුම්පත් සොඳුරු යැ'යි සම්මත නුඹේ හසරැළි පිරුණු එකම දසුනකින් භව පුරා නිවේවා!