දඩබ්බර ආදරේ ❤️🔥
____________________
58th Episode ❤️🔥🥀
,,,
" ඇයි මේ "
කෙල්ල බය වෙලා ලොකු වෙලා ගැහෙන ඒ ඇග මාර විදිහට මාව දැකලා බය වෙලා...
කේන්ති ගන්න එහෙම මොකුත් කිව්වෙ නැතත් පඩුපුල් ආසනෙ උනු උනා වගෙ හැගිමක් දැනෙද්දි කෙල්ලගෙ මූනටම රතු උනු ඇස් එක්ක එබුනු මං ඇහුවෙ ඌ මොනාද කලෙ කියලා...
කෙල්ල ගොත ගහනවා..ඒ ගොත ගැහිල්ලත් මගෙ යකා එක දෙක කරද්දි මං සද්දෙට ඇහුවෙ ඌ මොනාද යකො කලෙ කියලා...
" මේ...මේ...එ...යා..හ්...ම...ට...අ...ද...රැ..ස්...වී...මෙදි...ඉ...න්...ඩ ..පු...ටු...ව...ක්..එ...යා...ල..ගම අල්..ලලා..තිබ්බා....හ්.එ..යා ..කී...වා.මටලු.එ..යා..එ..යා.."
..කියපන් තටමන් නැතුව...
" එ..යා..ම..ට ..ලු..එ..හෙම..මුලින්ම පු..ටු..වක්..ඇ..ල්..ලු...වෙ..
ආ එයා මගෙ අතත් ඇල්ලුවා අද "
තටම තටම උනත් කෙල්ල කතාව කියලාඉවර වෙද්දි කේන්තිය සීයෙ ඉදන් දෙසියටම නැගපු මං කෙල්ලගෙ අත් දෙකම අරන් තදින් අල්ලන්න ගත්තෙ ඌ ඇල්ලුව උගෙ අතෙ උනුහුම මගෙ අතින් චොප්ප කරනවා කියලා හිතන්....
හහ්...
ඌ කොහොමද යකො මගෙ ගැනිව අල්ලන්නෙ..බොරුවට බැන්දත් ඌ ඇල්ලුවෙ මගෙ ගැනිව....
හිත ඒ අස්සෙන් උබ මෙකිට ආදරෙද කියලා අහද්දි මොලෙ නැ ඕයි බොරුවට හරි මේ මගෙ ගැනිනෙ කියලත් කියද්දි අල්ලලම රතු වෙලා තියෙන අත් අතෑරපු මං මගෙ කෙස් හයියෙන් ඇදගත්තෙ අරුව මරන්න දැන්ම යන්න හිතෙද්දි.....
රූත්.උබ ඇත්තටම මෙකිට ආදරෙද.උබ මෙකිව සිරාවටම බදින්න පොරොන්දු උනෙ ආදරෙ හින්දද නැත්නම් උබ එකිව අල්ලපු නිසාද....
ඒ අස්සෙන් මගෙ හිත මගෙන්ම එහෙම ප්රශ්න අහද්දි අත මිට මොලොලා මං ගැහුවෙ ලග තිබ්බ මේසෙට....
,,,
ම්හ්....
පැය කාලක් විතර යද්දි මගෙ කේන්තිය හරි...ඇස් පියන් උන්නු මට මගෙ ඇගෙ තාමත් කෙල්ල ඉන්නවා කියලා දැනෙද්දි හෙමින් සැරෙ ඇස් ඇරියෙ මගෙ අතකට ඒ අත් දෙකත් හිරකරගන්න ගමන්.....
රතු වෙලා.තදම තදට රතු වෙලා..කොච්චර රතු උනත් හ්ම් සද්දයක් නොකර කෙල්ල මගෙ ලගටම වෙලා ඉන්නවා පේද්දි මං මගෙ දෙතොල් තද කලෙ ඒ රතු උනුඅත් දෙකට...
තෙරෙන්නෙ නැ.කෙල්ල ලගදි මට දැනෙන්නෙ කවදාවත් නොදැනුනු විදිහෙ හැගිමක්...
පුංචි දෙටත් කෙල්ලව ඇල්ලුවත් මට කේන්ති යන්නෙ මගෙ පපුවට කෙල්ලත් එක්ක ඉද්දි දැනෙන හැගිම නිසා....
ඇත්තටම මේ ආදරේද ම්ම්.මූන බිමට හරවන් ඉන්න කෙල්ලව තදට පපුවට තුරුල් කරගත්ත මං මගෙන්ම ඇහුවෙ සිරාවටම උබ මෙකිට ආදරෙද නැත්නම් අනුකම්පා කරනවද කියලා.....
_________________,෴
ම්හ් ...
ඉර එලියක් ඇස් වලට වැටෙද්දි මං හිමින් ඇරියෙ මගෙ ඇස් දෙක..ම්හ්.මං තාමත් ඊයෙ රෑ ඇදන් හිටපු ඇදුමෙන්ම සෝපා එකෙම නිදන් ඉන්නවා....
ඊයෙ රෑ හිටපු විදිහට ම කෙල්ලත් මගෙ පපුවටම තුරුලු වෙලා නිදන් ඉද්දි ඒ මුනට වැටිලා තිබුනු ක්රේල් කොන්ඩ කැලි අයින් කරපු මං බලා හිටියෙ හා පැටියෙක් වගෙ නිදන් උන්නු කෙල්ල දිහා.....
පියවෙලා තියෙන ඇස් උඩ හරියට මේකප් කලා වගෙ නිල් පාටක් තියෙ .කෙල්ල කියන විදිහට නයින්ගෙ තියෙනවා වගෙලු ...ඒත් අනෙ මන්දා ඒ විදිහ හරි ලස්සනයි ....
එතකොට ඒ පියවෙලා තියෙන දෙතොල් ලා රෝස පාටයි.ම්ම්.දැක්කත් ඇති ඒ දෙතොල් වල රහ බලන්න මාව ඇවිස්සෙන්න ....
ඇයි ඒ රොස පාට කම්බුල්.තවත් රතු වෙන්න ඉබින්න පුලුවන් ...
මගෙ දෙතොල් ඒ දෙතොල් වල පහස ඉල්ලද්දි හිමින් සැරෙ ඒ දෙතොල් වලට මගෙ දෙතොල් ලං කරපු මං ලාවට සිපගත්තෙ ඒ දෙතොල්......
,,
" ම්ම් ශිප්."
හහ්.මගෙ වැඩත් එක්ක කෙල්ල නින්දෙන්ම මගෙ මුන තල්ලු කරලා කියොනවා ..
නින්දෙන් බයින විදිහත් හරි හුරතල් කෙල්ලෙක්ගෙ බැනුමක් වගෙ වෙද්දි මං මගෙ දෙතොල් තද කලෙ ඒ රොස උනු කම්බුල් වලට..
" අනා තිප්කො.බබා දෝ "
අනෙ අනෙ මෙකි පොඩි එකෙක් වෙලානෙ..මගෙ මුන ඒ අත් දෙකින්ම අයින් කර කර ඇස් පියාගෙනම කෙල්ල කියවද්දි දාලා යන්න ලෝබකමට තවත් තදට තුරුලු කරන් මං මගෙ මුන ලං කලෙ ආයෙත් කෙල්ලගෙ මූනට.....
_____________________________
එදා දවසම ගෙවිලා ගියෙ දෙන්නම වැඩට නොයා දෙන්නගෙම ලෝකෙක තනි වෙලා ඉද්දි....
හරි කෝලමක් මේක.කොයිවෙලෙ බැලුවත් මගෙ ඇග උඩ නැගලා හයියෙන් සිංදු කියනවා
මාත් ඉතින් අහන් ඉන්න බැරි උනත් අමාරුවෙන් හරි අහන් ඉන්නවා..මොකද ඇහුවෙ නැත්නම් ඊලඟට ගැලවෙන්නෙ මගෙ අහිංසක කෙස් ඩින්ගනෙ ....
එදා ඒ දවසෙ කරපු කියපු ඒවා මතක් වෙලා ඔෆිස් එකෙ හිටපු මගෙ පෝන් එක රින් වෙද්දි මං බැලුවෙ කාගෙන්ද ඒ කෝල් එක කියලා...
ම්ම්.
බේබි 🖤
___________________________