දඩබ්බර ආදරේ ❤️🔥
___________________
52nd Episode ❤️🔥🥀
ගමනෙ තිබුනු මහන්සිය නිවෙන්න සීතල වතුරෙන් හොද හැටි නාලා මං පහලට ආවෙ රෑට කන්න මොනාහරි හදන්න...
ඒ එද්දිත් කෙල්ල කිචන් එකට වෙලා මහා අම්මන්ඩියෙක් වගෙ උයන්න අරන්....
හරි හැටි උයන්න නොදත්තත් පිලිවෙලකට කාමරයක් තියන් ඉන්න බැරි උනත් පිලිවෙලකට එකින් එක අස් කරන ගමන් ලූනු කපන කෙල්ල දිහා ටිකක් වෙලා බලන් ඉදපු මං කෙල්ලට ඇහෙන්න කිව්වෙ මං උයන්නම් කියලා...
ඒ ගමන කිව්ව දෙ ඇහුන්නැ වගෙ ඇසුත් පොල් කරන් මගෙ දිහා බලන් ඉන්නවා..
ගෙදර උයන්න වෙන පොල් ඔනෙ නැ ඔය පොල් උනු ඇස් ඇති කියලා මගෙ හිත කියද්දි අයින් වෙනවා කියලා ටිකක් සැරෙන්කියපු මං කෙල්ලගෙ අතෙ තිබුනු පිහිය උදුරලා ගත්තා.....
තාත්තා මන්ත්රී බව සැබෑව.ඒත් කොල්ලා කොල්ලගෙ ඔක්කොම වැඩ කරගත්තෙ තනියම....
දකුනු පැත්තෙ ඩිම්පල් එක පේන්න මූනත් ඇද කරන් පැන්ට්රියෙන් ඉදගත්තු කෙල්ල ලග තිබ්බ මගදි එද්දි ඉතුරු උනු අච්චාරු මල්ලෙන් අන්නාසි කෑලි ටිකක් කටට දාගත්තෙ මොනා උනත් ජෙනරාල් ට මට වැඩි පඩියක් දෙන්නවෙයි කියලා මගෙ මොලෙ කියද්දි....
ඇග කෙට්ටු උනාට කන බනෙමයි 😒..පර්ස් එකත් හිදෙයිද මන්දා....😑💔
,,,
ජෙනරාල්ට පින් සිද්ද වෙන්න ගෙදෙට්ට ඕන කරන බඩුත් එක්ක එලවලු අනම් මනම් ඔක්කොම අඩුවක් නැතුව පැන්ට්රි කබඩ් වල පිරිලා තිබුනා...
දනිස්සට ටිකක් උඩට වෙන්න කලු බොත්තම් අල්ලපු ගවුමක් ඇදන් පැන්ට්රිය උඩට වෙලා හතර වටෙ ඇස් යව යව කකුල් හොලො හොලො ඉන්න කෙල්ලට මං කතා කරා...
.. මොනාද තමුසෙ කන එලොලු...
" එලොලු.අපෝ මං කන්නෙ නැ හලොව් එලොලු.ඔනෙ නම් ඔන්න මිරිසට කැකිරිත්තන් නම් කනවා .
වෙන නම් මොකුත් කන්නෙ නැ "
.. එහෙම කියල බැනෙ.කැකිරි නැ.තමුසෙ බෝංචි කන්නෙ නැද්ද ...
ෆ්රිජ් එක දිහා බලලා කෙල්ල දිහත් බලන ගමන් මං ඇහුවෙ එහෙම ...
ම්හු නැලු.ඔලුව වනන ගමන් කිව්ව කෙල්ල කට ඇදෙ කරෙ ඇද උනු කටත් එක්ක ඉන්න එකිගෙ හොක්ක ඇද කරන් මගෙ ඇගෙත් මාලු නටද්දි....
.. එහෙනම් තමුසෙ අද බඩගින්නෙද ඉන්නෙ...
" නෑ.දැන් ඔයා ඔය උයන්නෙ.ඔයාගෙ කැම රහයි .ඉතින් මං කනවා බය වෙන්ඩ එපා "
..එහෙනම් කන දෙයක් කියපන් හු* මගෙන් මැරුම් නොකා...
" ඉතින් අප්පා කන්නෙ නැත්නම් ඔලුවද කියන්නෙ "ආයෙත් කට ඇද කරන් කෙල්ල එහෙම කියද්දි පැනපු කේන්තියත් එක්ක අතට අහුවුනු බන්ඩක්කෙත් අරන් මං හයියෙන් වැහුවෙ ෆ්රිජ් එක....
" ආ සුම්දෝ.මං බන්ඩක්කා කනොනෙ බොලෙ හෙ හෙ පොඩ්ඩක් අමතක් උනා ඇ "
ඒ ගමන දත් තිස් දෙකම දාන් අහිංසක විදිහට මට එහෙම කියනව....
පේන්න තියෙන දත් තිස් දෙකම කුඩු වෙන්න දෙන්න මගෙ අත නලයද්දි පලයන් ගිහින් ටිවි බලපන් කියලා සද්දෙට කියපු මං සද්දෙන්ම බන්ඩක්කා කපන්න ගත්තෙ කෙල්ල බන්ඩක්කා වගෙම ටක් ගාලා ඒ සැනින් ලෙස්සලා යද්දි.....
මල සමයම් 😒
,,,,
පැය භාගයක් වගෙ වෙලාවක් ගෙවිලා යද්දි බත් උයලා බන්ඩක්කා තෙල් දාලා ඒකටම සෙට් වෙන පරිප්පුවක් කිරට හදලා පපඩනෙකුත් බැදලා මං යැව්වෙ කෑම කෑම මේසෙට.....
මොන පෙරෙතකම තිබුනත් ගෑනි වගෙම මං එනකම් මට බත් එකක් බෙදලා නොකා හිටපු කෙල්ල දිහා බලන ගමන් ආපු මං හිනාවක් නොදාම ටීවි එක දිහා බැලුවෙ බෙදලා තිබ්බ බත් එකත් අනන ගමන්.....
,,,,,,,,,,,,,,,,,,
ගමන් මහන්සියටදො දෙන්නත් එක්කම බඩ පැලෙන්න බත් කෑවා..කුස්සිය අස් කරන්නම් ඔයා යන්න කියලා කෙල්ල කියද්දි මාත් මොකුට් නොකියා උඩට ඇවිත් ඇදට වැටුනෙ මටම කැපෙන්න ජෙනරාල් මං ඉන්න කාමරෙ කලු පාටින් පාට කරලා තියෙද්දි.....
මගෙ කාමරෙට වඩා ලස්සනයි මේ කාමරේ...කාමරෙකට තියෙන්න ඕන ඔක්කොම බඩු මුට්ටුත් එක්ක මගෙයි මෙකිගෙයි කලින් මිශන් එකෙ අපිට හොරා ගත්තු එක පොටො එකක් ලොකුවට රාමු කරලා බිත්තියෙ එල්ලලා තියෙද්දි ඒ දිහා බලලා හුස්මකුත් පිට කරපු මං ඇස් දෙක ඉල්ලන නින්ද ලබා දුන්නෙ කකුල් ලග තිබුනු බෙඩ්ශීට් එක පොරොගන්නත් ගමන්.....
______________________________