Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 09 2026 @ 17:13

වැසි වැටෙන හැන්දෑවක 🌧️💧



•• *වැසි වැටෙන හැන්දෑවක 🌧️💧*

,,

සීතල සුළං රැලි,,කඩා හැලෙන වැස්සත් එක්ක මුහු වෙනකොට මං හිටියෙ රස්නෙ පපුවකට ගුලි වෙලා Coffee හදන ගමන්..

අද එයාගෙ ඕෆ් ඩේ එක.සතියෙ දවස් හයම දවසක් ඇර දවසක් ඩේ නයිට් ශිප්ට් කරන එයා ගෙදර ඉන්න එකම දවස උනෙ ඉරිදා

ඉරිදා කියන්නෙ ඉතින් මගෙ ජීවිතෙ සුන්දරම හෝරාවන් ගෙවෙන දවස කිව්වොත් හරී.

වෙනදට පාන්දරම නැගිටලා උයලා පිහලා බත් බැදලා එයාව රස්සාවට පිටත් කරන මම ඉරිදා උදේ අටේ හෝරාව පහුවෙනකනුත් රෝම පිරුණු පපුවට තුරුලු වෙලා නිදි කුමාරිව වැළදන් ඉන්නෙ ඒ බාහු අතර හිරවෙමින්.. 

*සුදු මැණිකේ,ඉක්මනට ඕක හදලා ගන්නකො රන්*

ඒ රස්නෙ පපුව මගෙ පිටට තද වෙන්න ඒ බාහු මගෙ ඉනේ වටා තද කරන් උන්නු එයා කිව්වෙ පිටතින් දැනෙන සීතල මගෙ හුස්ම වදින දුරකටවත් නොඑන්න මාව උණුසුම් කරන ගමන් ඒ දෙතොල් මගෙ කන අද්දර නතර කරන්

" ඉන්න පැටියො තව චූට්ටම චූට්ටයි

කලවම් කළා බිව්වා" 

කන් අග්ගිස්සෙ තැවරුණු රළු දෙතොල් පහසට ඇකිලෙන ගමන් මාත් උත්තර බැන්දෙ කෝළෙන්....

තවත් විනාඩි කිහිපයක් ගෙවිලා ගිහින් එයාගෙයි මගෙයි රූප පේන මග් දෙකට coffee පුරවගත්තු මං එයත් එක්කම ගිහින් වාඩි උනේ අපේ කාමරේ සයනෙ මතින්..

*සීතල නැද්ද සුදු මැණික* කොෆි වලට අමතරව ආදරෙත් දාලා ම කළවම් කරලා හදපු කොෆී එක තොල් අස්සට දාගන්න ගමන් එයා අහන්නෙ මගෙන් හීන් හඩින්..

" ඔයා ඉද්දි සීතල නෑ ඉතින්" 

මාත් කිව්වෙ ටිකින් ටික අනුරාගෙට ඉඩ ඉල්ලන ලා රතු ඇස් දිහා බලන්..

කොෆී එකත් බීලා ඉවර වෙලා ආදරෙත් අනුරාගෙත් කැටි උනු ඇස් වලින් එයා මා දිහා බලා ඉන්නකොට

ඒ ඇස්වල ආරාධනාව පිළිඅරගෙන වැටෙන වැහි සීතලට උණුහුම මං හොයාගෙන ගියෙ එයාගෙන්....

___ඉතින් සොදුර,,🫶

ඔය පපුවෙ ගුලි වෙන්න
ඔය උණුහුමේ 
නැවතෙන්න 
ආසායි මගෙ පණ තියනකම්..

මතු 
 හැම භවයකදිම
ප්‍රිය බිරිද ලෙස
 වෙන්නම් මං 
ඔබෙ 
පපුවෙ හිමි 
තියෙනකම්...

____________

𝓐.𝓔.𝓒....