_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *හතළිස්තුන්වන කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
මෙත් දිහා බලලා බෑග් එක අරන් ඇනෙක්ස් එකට වරෙන් කියලා කියපු යෙධා තාදිවත් වඩාගෙන ඉස්සරහට ඇවිදන් යන්න පටන් ගත්තෙ
ඒගොල්ලොන්ගෙ ජීවිතෙ අලුත්ම පිටුවක් පෙරලන්න හිතාගෙන...
_____එතැන් සිට__________________
තමන්ගෙත් තාදිගෙත් ජීවිත වල අලුත්ම පිටුවක් එකට එකතු වෙලා පෙරලන්න හිතාගෙන යෙධා තාදිවත් උස්සගෙනම ඇදුනෙ පාර දිගෙ ඉස්සරහට..
යෙධාර පාර දිගෙ ඔහේ ඇවිදන් යනවා.හැබැයි කොල්ලගෙ ඔලුවෙ අද ඉදන් ඉස්සරහට වැඩ කරන්න ඕනි විදිහ ප්ලේ වෙනවා
මොකද කියන තරම් ජීවිතෙ කියන්නෙ සුන්දර මල් යහනාවක් නෙමෙයි කියන්න අවුරුදු 17ක කොලු ගැටයෙක් උනත් යෙධාර හොදට දන්නවා
කොහොමත් අවුරුදු 18ක්වත් නැතුව කෙල්ලෙකුත් බලාගෙන ජීවත් වෙනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයි කියන්න යෙධාරට ඕනිවටත් වඩා තෙරෙනවා
ඒ වගේම තමයි යෙධා දන්නවා තමන් අද දැන් මේ ගත්තු තීරණේට තාදි එක එල්ලෙ අකමැති වෙනවා කියන්නත්
ඒ නිසාමයි කොල්ලා මෙත් ලව්වා රවීශ් කියන කොල්ලා අදුරන අයියට කියලා අද රෑට විතරක් රූම් එකක් බුක් කරගත්තෙත්
..ම්හ්.අහිංසක ලේන් පැටියා වගෙ ගුලි වෙලා නිදන් උන්නට මොකද,ඇහැරුනාමනෙ සද්දෙ බලන්න ඕනේ..
පාර දිගෙ ඉස්සරහට ඉස්සරහට ඇවිදන් යන ගමන් යෙධා හිතනවා මේ කිසි දෙයක් නොදැන හොදට යෙධාගෙ රස්නෙට ගුලි වෙලා නිදන් ඉන්න තාදි දිහාත් බලලා
ලෝභයි..තාදීව කාටවත් පුදන්න ඇත්තටම කොල්ලට ලෝභයි.
කොල්ලගෙ ඔලුවට මේ වගෙ තීරණයක් එන්න ලොකුම හේතුව උනෙත්
අර එදා රබර් කැලෙදි කෙල්ල කිව්ව අම්මා බන්දන්න කියලා හෙව්වයි කිව්ව මනුස්සයගෙ කතාව
යෙධාට ටක්කෙටම හිතුනා දැන් කෙල්ලට කවුරුවත්ම නැති එකෙ ඌ ඇවිදින් කෙල්ලව එක්කන් යන්න හදයි කියලා
ඒ නිසාමයි එලිවෙන්න තියෙන පැය ඩිංගවත් නොයිද කොල්ලා මේ කෙල්ලව දැන්ම උස්සන් චුත වෙලා යන්න හිතුවෙත්..
හාම් ඉතින්..ආදරේ අන්ධයි කියලා කතාවක් ඔයාලත් අහලා තියෙයිනෙ..
බලමුකො මෙයාලත් මෙයාලගෙ ආදරේ කොහොමද අදුරු වෙන්න තියයිද නොදී රැකගනීද කියලා...
වෙන මොනා කරන්නද ඉතින් ඔයැයිලයි මායි..
තාදිගෙ ගමෙන් එලියට ඇවිත් වම් අත පැත්තෙ තිබුනු ත්‍රීවිල් පාක් එක යෙධාගෙ ඇස් වලට අහුවෙනකොට තාදිගෙ මූණ කවර් වෙන විදිහට තාදිගෙ කොණ්ඩෙ තාදිගෙ මූණට දාපු යෙධා තාදිවත් වඩාගෙනම ඇවිදන් ගියෙ ත්‍රීවිල් පාක් එකෙ නවත්තලා තිබුනු මුල්ම ත්‍රීවිල් එක දිහාවට
,,,
තාදිව ත්‍රීවිල් පාක් එකෙ කාටවත්ම නොපෙනෙන විදිහට හංගගෙන පාක් එකෙ නතර කරලා තිබුනු මුල්ම ත්‍රීවිල් එක ගාවට ගියපු යෙධා යන්න ඕනි තැනත් කියලා කෙල්ලවත් උස්සගෙන වීල් එකට නැග්ගා පපුව පිරෙන්නම බර හුස්මක් අරගෙන..
වීල් එකට නැග්ගා තියා ආයෙ නොඑන්නම තමන්ගෙ අම්මගෙ මි|නි|ය වත් බලන්න බැරි වෙන්න ජීවිතෙ වෙනස්ම පැතිකඩකට යනවා කියලා නොදැන තාදි නම් ඉන්නෙ සැප නින්දක
යෙධා හිතුවත් වගේ ලේන් පැටියා වගෙ ගුලි වෙලා දැන් නිදන් හිටියට මොකද සිරාවටම ඇහැරිලා ඉන්න තැන දැක්කාම තාදි කෙල්ල මොනවගෙ වන්නමක් නටයිද කියලා තමයි හිතාගන්න බැරි අපිට..
හනේ මන්දා ඉතින්..කෙල්ලත් කට ඇරලා නොකීවට මේ තරම් සැපට නින්ද යන්න තරම් කෙල්ලගෙ හිතෙත් යෙධා ගැන සෑහෙන්න විශ්වාසයක් තියෙනවද කොහෙද
සමහරක්විට අපි යුද්ධයක් බලාපොරොත්තු උනාට හ්ම් සද්දයක් නැතුව කෙල්ල යෙධාගෙ බසට අවනත වෙන්නත් බැරිකමක් නෑ..
කොහොම උනත්
විනාඩියක් එක්ක ගමනෙ මුලු දුරම පැය භාගෙකින් ඉවර වෙලා තාදිවත් අතේ තියාගෙනම මෙත්ට කියලා බුක් කරගත්තු රූම් එක අයිති රවීශ් අයියගෙ ලෑලි සංස්ථාවෙන් හදපු ගේ කෑල්ල ඉස්සරහා යෙධා නතර වෙනකොට
කොල්ලගෙ හැටි දන්න නිසාම රවීශ් කියන හාදයා කැ* හිනාවක් දාන් ආවේ ලෑලි ගහලා හදලා උනත් ටොපේ ටොපට තියෙන ගෙදර දොරකඩෙන් එලිමහනට
*ආ හාදයා,අලුත් කෙනෙක්ව සෙට් වෙලා වගෙ.පේන විදිහට නම් උබෙ බොක්කටම වැදුනු එකක් ද කොහෙද නැත්නම් ඉතින් දෝත දරාගෙන අරන් එයිවෑ උබ*
යෙධායි තාදි දිහායි සෙල්ලක්කාර බැල්මෙන් බලලා රවීශ් කියාගෙන ගියේ සාක්කුවෙන් එලියට ගත්තු යතුර යෙධාට භාරදෙන ගමන්
... කෙල්ල බන් ඒකයි.තැන්කිව් උදව්වට පාන්දර පහ වෙද්දි යනවා යතුර වෙනදා තියෙන තැනින්ම තියලා යන්නම්...
රවීශ් දුන්නු යතුර අරන් රූම් එකෙ ගාන ගෙවන ගමන් ඔහොම කිව්ව යෙධාර ලා හිනාවකුත් දාලා ගෙට ගොඩ වැදුනෙ තාදිගෙ අත පයත් එහෙ මෙහෙ නොවදින විදිහට තාදිවත් පරිස්සම් කරගෙන...
ඕනි උනෙ නෑ..යෙධාට රවීෂ්ට තාදි කියන්නෙ කවුද කියලා දැනගන්න තියන්න
ඒකමයි කොල්ලා කෙටි උත්තරයක් දුන්නෙ..
යෙධාගෙ උත්තරෙත් එක්ක ඇහැක් ඉගි මරලා රවීෂ් පිටවෙනකොට
තාදිවත් පරිස්සම් කරගෙන මුලු ගෙදෙට්ටම තිබ්බ කාමර තුනෙන් කෙළවරේම කාමරේට ආපු යෙධා අනෙක් කාමර වලින් ඇහෙන සද්ද බද්ද ටිකට ඇහුම්කන් නොදීම කෙල්ලව තමන්ගෙ අත් දෙකෙන් ඈත් කරලා කාමරේ තිබ්බ ඇද උඩින් තියලා කෙල්ලගෙ සෙරෙප්පුත් ගලොලා තමන් ඇදන් උන්නු ටීශර්ට් එකත් ගලෝලා කෙල්ල ගාවින්ම ඇල උනෙ කෙල්ලගෙ එක් කම්බුලකුත් කිස් කරලා
________________________