කතෘ අයිතියකින් තොරව පිටපත් කිරීම හා සමූහවල දැමීම තහනම් ✘)
___සීත මාරුතේ 🤍🌼_____
( සීතල මාරුතයක ආදර කතාව )
෴ පළමුවෙනි සීතල 🌼෴
මාරුතයක ඔබ පැටලී ආවාද මේ වාරේ
සංසාරෙ අල්ලාගෙන යන්නට අත මාගෙ
ඔබ කොයි කාලෙ කාටවත්
නෑ දෙන්නට මොහොතකටවත් //
" ආහ් කොල්ලා.අදත් මල් සරා විදලා වගේ "
සිරිපාදෙ අහස උඩට පේන ඉර කියන දෙව්දුව වෙනදා වගෙම නැගෙනහිරින් පායද්දි සුපුරුදු විදිහට මං අදත් නැගිට්ටෙ බටහිරින්....
මං ශේශ්.ශේශ් ශාක්‍ය දුනුසිංහ.ජිම් ගිහින් ඇග පුම්බන් ඉන්න, කොන්ඩෙ වැක්ස් කරලා ගානට රැවුල මේන්ටේන් කරන ගමන් ලයිෆ් එකත් ජිල් එකෙ ගෙනියන කොල්ලෙක්....
මං ගැනයි පවුලෙ උදවියයි ගැනයි කියනවා නම්.මායි පවුලෙ උදවියයි අහසයි පොලොවයි වගෙ...
එකෙන්ම කිව්වොත් මං නාහෙට නාහන මොකට ඉපදුනාද කියලා ලේබල් ගහන් ඉන්න රස්තියාදුකාරයෙක් .
ඒත් මගෙ පවුලෙ උදවිය නම්.අම්මෝහ් දෙයියන්ට වඩා මිනිස්සු පින් දිදී වදින්නෙ මගෙ පවුලෙ උදවියට.
ඒ තරම් අහසෙ ඒගොල්ලොන්ටම කියලා රූම් ටිකකුත් අපෙ ගෙදර උදවිය ලෑස්ති කරන් ඉවරයි...
මට නම් ඉතින් අහස ඕනෙ නැ.මොකද මං ඉන්නෙ කොහොමත් පොලොවෙනෙ.ඉතින් මං නම් අපායෙන් රූම් එකක් දැම්මම බුක් කරන් ඉන්නෙ.
ගෙදර අයට පුලුවන් නම් අහසෙ මාලිගා තනන්න මේ ශේශ්ට බැරි මොකද පොලොවෙ මාලිගා තනන්න.....
හහ්.නැද්ද ගායිස්...
මොන දේ කොහොම උනත්
මේ රස්තියාදුකාරයගෙ පෙර පිනකට බිස්නස් ෆීල්ඩ් එකෙ දුනුසිංහ ප්‍රඩක්ශන් එකෙ owner උනු දේව් රාමනායක ආදරබර පියානන් වෙද්දි සේපාලිකා දුනුසිංහ මගෙ අම්මා වෙලා රටම දන්න හේශ් ශාක්‍ය දුනුසිංහ ඇමතිතුමා මගෙ එක කුස උපන් අයියන්ඩි උනෙ මගෙ කන ඇතුලට කූඹි දැම්මා වගෙ ඌ නිසා ඉපදුනු දවසෙ ඉදන්ම මං බැනුම් අහද්දි....
ඕ යෑස්.පාර්ලිමේන්තුවේ මහලොකු සංචාරක ඇමති. ඌ මගෙ එක කුස උපන් අයියන්ඩි...
ඔහෙලට කියන්න.ඉපදුනු දවසෙ ඉදන් ඕකා හින්දා හොදක් අහපු දවසක් මට නැති තරම්...
චූටි ලොකූ දිහා බලලා හැදියන්කො.චූටි බලපන්කො අයියගෙ හැසිරීම උබ වගෙ එකෙක් මොකට ඉපදුනාද මන්දා..
ඔන්න ඕවා තමා උපතෙ පටන් මේ මම අහන්නෙ.හැබැයි ඉතින් මොනා උනත් පොර නම් මේ වෙනකම් ඔය නොසන්ඩාල වැඩකට ඇරෙන්න වචනයක් කියන්න තියා හීනෙන්වත් හිතලා නෑ...
ඒ තරම් හොදයි ඌ.කියන්න ඕන උනාම දෙයක් කාසමෙ තියෙන බෙල්ට් එකෙන් තමා ඉතිම් ඌ මට කියලා දෙන්නෙ.
ඒ තරම් මෑන් සුපිරි.කියන්න වචනත් නෑ අදහන්න ආගමකුත් නෑ...
ඔය විදිහට ඉතින් මගෙ පවුලෙ රංගනෙ ඉවර වෙද්දි මගෙ ටයිම් ටේබල් එකට අනුව උදේ වරුව උනු මේ වෙලාවෙ ආතල් එකෙ උන්නු මගෙ සිංදුවත් කාපු හපුටු බොක්කෙ ෆිට් එක උනු රමේශ් තාරුක සේනාරත්නට කටත් ඇද කරලා ඉදගනින් කියන ගමන් කර කර හිටපු වැඩේ කරන්න ගත්තෙ කන්නාඩියෙන් පේන මගෙම රුවට ඇස් වහක් නම් වදින්න එපා කියන ගමන්...
..මොකෑ උබහ් ආවෙහ්.ඇයි මහලොකු උබෙ රාජකාරියට අද ගියෙ නැද්ද..
" ගිහින් විසිට් එකක් දාලා ආවෙ බ්‍රෝ.දැන් කොහොමත් මෙහෙ හොටෙල් එකට කස්ටමස්ලා අඩුයි.ඉතින් මං ආවා උබව බලලා යන්න .තව කියන්න දේකුත් තියෙ.ඔක්කොටම කලින් කියපන්කො අදත් අර ගුබ්බෑයට රිංගන්නද යන්නෙ "
...අඩො අඩො බ්‍රෝ මේ.ලයිට් දාලා බල්බ් දාලා හැඩ කරලා පොශ් කරලා තියෙන ක්ලබ් එකට විතරක් ගුබ්බෑයම ගුබ්බෑයම කියලා කියන්න එපා.
උබලට ඒක එහෙම උනත් මේ ශේශ්ට ඒක දෙව්ලොවක්...
" අපොයි ඔව්.මං නොදන්නවැ උබ ගැන.
අදත් අලුත් කෑල්ලක්වත් සෙට් උනාද "
..චී චී බ්‍රෝ.ඔය කෑලි වලට මේ ශේශ් අත තියන්නැනෙ.කෙලින්ම හාෆ් නෙමෙයි ෆුල්.
ඊයෙ බැස්සා මචං උබට කියන්න අලුත් කෑල්ලක්.පට්ට ෆිගර් එක ආ.හැබැයි ඒකිට ගොඩක් ඉල්ලුම තියෙලු
මං අත් ඇරියා.කොහෙවත් යන බ* නිසා ලෙඩ හදාගන්න බැනෙ...
" ඇති යාන්තම් උබ ඒ ගැනවත් පොඩ්ඩක් හිතන්වා.යමන්කො මාත් එන්නම්.කොහොමත් උබත් එක්ක කයියක් දාන්නත් තියෙ "
..සිරාවටම ,යමන් යමන් බ්‍රො.අහන්නත් සංතෝසයි...
ඉදලා හිටලා බලෙන් කැන්දන් ගියත් මේ බ්‍රෝ කවදාවත් මෙහෙම ස්ව කැමැත්තෙන් ක්ලබ් යන්න ඇවිල්ලා නැති වෙද්දි පර්ස් එකයි පෝන් එකයිත් සාක්කුවට දාන් කාර් එකෙ කී එකත් අරන් අරූගෙ උරහිසටත් අතක් දාන් කාමරෙන් එන්න ආවෙ ක්ලබ් එකට යන්න...
________________________________
ඔන්න ළමයි එහෙනම් සීත මාරුතයකුත් ඔයාලා ලගට මං ගේනාවා...
දිගටම කියවන්න අදහසුත් දක්වන්න ...