_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *හතළිස්දෙවෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
ගෑනු රූපෙ ගිහින් යෙධාව තමන්ගෙ ඇගට බර කරගත්තෙ යෙධාගෙ ඉකිගැහිල්ලට පිරෙන තමන්ගෙ ඇස් වල කදුලුත් අතකින් පිහදාගන්න ගමන්..
______එතැන් සිට_________________
නැවතත් වර්තමානයට..
පව්කාර අතීතේ මතක අස්සෙ යෙධාර තනි වෙද්දි වටේ පිටේ අයගෙ කසු කුසුව නිසා සමාත් කොල්ලො හතර දෙනත් යෙධාරගෙ පිටට තට්ටු කළේ යෙධා ආයෙම අතීතෙන් වර්තමානෙට එනකොට
..මොකද බන්..කොල්ලො හතර දෙනාගෙත් සමාගෙත් තට්ටු කිරිල්ල එක්ක මේ ලෝකෙට ආපු යෙධා ඇහුවෙ කටින් නොකියා ඇස් වලින්.
*අහපන් යෙධා වට වෙලා ඉන්න උන්ට උබයි මේකියි ඉන්න විදිහ පොඩ්ඩක් අවුල්.හොද එකා වගෙ චූට්ටං බට්ටිච්චිව ගේ ඇතුලෙන් තියපන්කො*
යෙධාගෙ ඇස් වලින් ඇහුව ප්‍රශ්නෙ තේරුනු ප්‍රබෝ යෙධාට කිව්වෙ යෙධාගෙ ඔලුව පිරිමදින ගමන්
මට මොකද මේ හු* මොනවා කිව්වත්.මේ අහිංසකී ගෙදර තනියෙන් ඉද්දි ඔය එක ප* ත් ආවාද නිකන්වත්
ප්‍රබෝගෙ කතාවත් එක්ක මල පැන්න යෙධා කියවන් ගියෙ කේන්තියෙන්..
යෙධා කියන්නෙ ඇත්ත,මැදි වයසෙ වේවා හැට පැන්න ආච්චි හෝ වේවා..අද කාලෙ පෙලක් පිරිමිත් ඉන්නවා දවල්ට පවා තමන්ගෙ ගෙදර තනියෙන් ඉන්න බය උනු.
එහෙම උන් අස්සෙ මේ පුංචි කෙල්ල ඒ බඩ බොක්කෙ බිත්තර තැම්බෙන සයිස් බයක් එක්ක අවුරුදු ගානක් කොහොම මේ ගේ ඇතුලෙ කට්ට තනියම ඉන්ඩැද්ද?
ඇත්තටම ඉතින් ඕනිවෙලාවෙ උදව්වට ආවෙ නැති උන් දැන් කියන ඒවා පිලිගන්න අපේ මොලේ තියෙන්නෙ පු* ද?
හා නැද්ද කියන්නකො.
ඉතින් කෙල්ලගෙම හොදට කියල කෙල්ලගෙන් මෙච්චර කල් ඈත් වෙලා උන්නු යෙධාර හැමෝම ඉස්සරහා කිසි බයක් නැතුව තාදි තනි වෙලා නෑ කියලා පෙන්නුවෙ
අදින් පස්සෙ පිට උන්ගෙන් යැපෙන්න තාදිට පුංචිම හරි අඩුපාඩුවක් කරන්නැ කියලා තමන්ටම පොරොන්දු දීගත්තු නිසා..
,,,, හෘද ලිලී ...
තාදිවත් වස්තුවක් වගෙ ඇගට තුරුලු කරන් හිටපු යෙධා
හැම අවුරුද්දකටම සැරයක් පන්සලේ පෙන්නන නාට්‍යයක් බලන්න ඇවිත් ඉන්නවා වගෙ වටවෙලා ඉන්න සෙනග දිහා කන්න වගෙ බලලා ඇගට බර වෙලා උන්නු තාදිගෙ කොන්ද යටිනුත් කකුල් යටිනුත් අත් යවලා තාදිව ඒ අත් දෙකට උස්සගත්තෙ සමා දිහා බලලා ..තාදිට උවමනයි කියලා හිතෙන බඩු ටික බෑග් එකට දාලා ගනින් ..කියන ගමන්.
*මොකක්* යෙධාගෙ කතාව අහපු සැනින් කන්ෆියුස් උන්ගා බුන්ගා උනු සමා යෙධාගෙ කතාවට කන්ෆියුස් උනු කොල්ලො හතර දෙනා දිහත් බලලා මොකක් කියලා යෙධාගෙන් ඇහුවෙ යෙධා කිව්ව කතාව පොඩ්ඩක්වත් සමාට නොතෙරුනු හින්දා
..තාදිට ඕනකරන බඩු බෑග් එකකට දාලා අරන් වරෙන් සමා,එක විනාඩි පහක්වත් මගෙ එකී ආයෙ මේ ගෙදර ඉන්නෙ නෑ..
තාදිව නහර ඉලිප්පුනු ඒ අත් උඩ තියාගෙන ඉන්න ගමන් යෙධා කිව්වෙ සමා දිහාම රතු උනු ඇස් වලින් බලන්..
*මොකද්ද උබ කරන්න හදන්නෙ* යෙධාගෙ කතාව අහන් උන්නු කොල්ලො හතර දෙනා එක හඩට යෙධාගෙන් මෙහෙම ඇහුවෙ පුදුමෙන්..
කොල්ලො ටිකට තේරෙන්නෙත් නැ යෙධා මේ තාදිවත් උස්සන් නටන්න යන්නෙ මොන මගුලක්ද කියන්න
හැබැයි එක දෙයක් ගලෙ කෙටුවා වගෙ ශුවර් යෙධා දැන් මේ කරන්නෙ නම් ජෝක් එකක් නෙමෙයි කියන්න නම් කොල්ලො ටිකටත් සමාටත් 1000%ක් ශුවර්
මොන දේ කොහොම උනත් යෙධා කිව්වොත් දෙයක් කියන්නෙ අවමයෙන් දෙපාරක්වත් නිසා උත්තර නොදී කේන්තිය වෙනස්වෙන මූණෙන් පිට කරන ගමන් ඉන්න යෙධා දිහා බලපු කොල්ලො ටික ඇස් වලින් සමාට කිව්වෙ යෙධා කිව්ව දේ කරන්න කියලා..
යෙධාගෙ හැටි ඕනිවටත් වඩා දන්න කොල්ලො ටික සමාට තාදිගෙ බඩු ටික ගේන්න කියලා කිව්වයින් පස්සෙ සමා ගියෙ තාදිගෙ ගේ ඇතුලට තාදිට ඕනිකරන බඩු බෑග් එකකට දාලා යෙධාට දෙන්න හිතාගෙන.
යෙධාට නම් කිසි ඉවසීමක් නෑ සමා බෑග් එකගේනකම්වත් නො ඉද තාදිවත් උස්සගෙන පොර ආවේ තාදිගෙ ගෙවත්තෙන් එලියට..
කොල්ලො ටිකත් ඉතින් යෙධා නැතුව වත්තෙ ඉදලා පිටි කොටන්නද?
මූණට මූණ බලන් බර හුස්මවල් පිට කරන ගමන් කොල්ලො හතර දෙනත් යෙධා තාදිවත් වඩන් හිටන් උන්නු පාර ගාවට ආවේ වටෙ පිටේ ඉදන් තමන් දිහා බලන් ඉන්න ගමෙ අයටත් ලා හිනාවක් දාන ගමන්.
කොල්ලො ටික තාමත් දන්නැ යෙධා කරන්න හදන්නෙ මොකද්ද කියන්න.
අඩුම ගානෙ සමා තාදි යෙධා සහ මේක කියොන ඔයාලා ඇරෙන්න කොල්ලො ටික දන්න් නැ තාදිගෙ අම්මව මැරුවෙ යෙධාගෙ තාත්තා කියන්න..
මෙත් සහෝ උනත් අඩුම ඒ කොල්ලවත් දන්නැ සිරිමල් තමයි තාදිගෙ අම්මාගෙ මිනීමරුවා කියන්න
කොහොම උනත්
වටෙ ඉන්න අයටත් ලා හිනාවක් දාන් යෙධා ගාවට ආපු කොල්ලො හතර දෙනාගෙන් මෙත් යෙධාගෙ කරට අතක් දාන් යෙධාට ළං උනේ කාට නොකීවත් යෙධා තමන්ට හිතෙ තියෙන දේවල් 80%ක්වත් කියනවා කියලා දන්න හින්දා
*යෙධාගෙන් උබ මොකද්ද කරන්න හදන්නෙ* කියල අහන්න හිතාගෙන
... ආයෙ මගෙ එකී මෙහෙට එන්නැ.මං මේකිව අරන් යනවා,මට පුලුවන් මොනවා හරි කරලා මේකිව ජීවත් කරන්න
මෙත් උබ මගෙ සහෝදරයා.ඉතින් උබ අපෙ අම්මට දැනගන්න තියන්න එපා මං මලීගෙ දුව උනු තාදිව එක්කන් ගියපු තැන ගැන.
දැන් උබලා ගිහින් මගෙ බඩු ටික මට බෑග් එකකට දාලා දියන්.රවීශ් අයියට කෝලක් දාලා රූම් එකක් බුක් කරපන්
මං කෙල්ලව බලන් ජීවත් වෙනවා,කලින් කරපු වැරැද්ද මං ආයෙ වෙන්න තියන්නැ..
මෙත් දිහත් බලලා අත් උඩ සනිපෙට නිදන් ඉන්න තාදි දිහත් බලලා යෙධා කියවන් ගියෙ තාදිව බලන්න තීරණය කරපු වෙලාවෙ ඉදන් ඒ ඔලුවෙ වැඩ කරපු අදහස ගැන..
යෙධා පසුතැවෙනවා පසුතැවෙනවටත් වඩා තාදිව නැති වෙයි කියලා හුගක් ලොකු බයක් දැනෙනවා
යෙධාට මතක් වෙන්නෙම තමන්ගෙ තාත්තා තාදිගෙ අම්මව මැ|රු|වා කියපු වෙලෙ තාදිටත් කෙටුවා නම් කියලා මතක් වෙලා පපුව පැත්තක් හිර කරපු මෙච්චර කල් නොතෙරුනු එවෙලෙ තේරුනු හැගීම ගැන
කරන්නෑ කියලා හිතුවත් තමන්ගෙ චොයිස් වලිනුත් පිටින් ගිහින් යකා වගෙ ගියපු තමන්ට බයේ නමුත් පිටට වීරයෙක් වගෙ උන්නු කෙල්ලට තමන් ආදරය කරනවා කියලා යෙධාට දැන් වෙද්දිත් තේරුම් ගිහිල්ලා ඉවරයි .
කොහොමත් කෙල්ලට දැන් කාත් කවුරුත් නැති එකෙ යෙධාට තමන් ගත්තු තීරණය ගැන ආපහු හිතන්න කිසිම උවමනාවක් නෑ...
යෙධා කෙල්ලගෙන් ඈත් උනෙත් තාදි වගෙ පිටට රෆ් ඇතුලතින් සංවේදි කෙල්ලෙක්ට තමන් වගෙ යකෙක් කොහොමටවත්
ගැලපෙන්නෙ නැති නිසා..
ඒත් දයිවයම තාදිව තමන්ගෙ අත් උඩට ගෙනත් දීලා ඉවරයි.
ඉතින් මොකටද තවත් පස්ස ගහන්නෙ.
යෙධාගෙ කතාවත් එක්ක යෙධා ගන්න හදන වගකීමෙ බරපතලකම තේරුනු කොල්ලො ටික කට අරින්න හැදුවත් කොල්ලො දිහාවට ආපු යෙධාගෙ ඇස් කට වහපන් කියලා කියනකොට
මෙත් දිහා බලලා බෑග් එක අරන් ඇනෙක්ස් එකට වරෙන් කියලා කියපු යෙධා තාදිවත් වඩාගෙන ඉස්සරහට ඇවිදන් යන්න පටන් ගත්තෙ
ඒගොල්ලොන්ගෙ ජීවිතෙ අලුත්ම පිටුවක් පෙරලන්න හිතාගෙන...
_______________________
ඔයාලා නිකන්වත් නොහිතපු පැත්තකට ඔන්න කතාව ගියා..
බලමු පෙරලන අලුත් පිටුව ඩබලට ලස්සනට ලියාගන්න පුලුවන් වෙයිද කියලා
දිගටම කතාව එක්ක ඉන්න පැටව්..ආදරෙයි..
මං A.Eshani Chathumika ...