_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *හතළිස් හතරවෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
තාදිවත් පරිස්සම් කරගෙන මුලු ගෙදෙට්ටම තිබ්බ කාමර තුනෙන් කෙළවරේම කාමරේට ආපු යෙධා අනෙක් කාමර වලින් ඇහෙන සද්ද බද්ද ටිකට ඇහුම්කන් නොදීම කෙල්ලව තමන්ගෙ අත් දෙකෙන් ඈත් කරලා කාමරේ තිබ්බ ඇද උඩින් තියලා කෙල්ලගෙ සෙරෙප්පුත් ගලොලා තමන් ඇදන් උන්නු ටීශර්ට් එකත් ගලෝලා කෙල්ල ගාවින්ම ඇල උනෙ කෙල්ලගෙ එක් කම්බුලකුත් කිස් කරලා
______එතැන් සිට__________________
තාදිගෙ කම්බුලත් කිස් කරලා තාදි ගාවින් ඇල උනු යෙධාට ගතෙයි හිතෙයි දෙකෙම මහන්සියට විනාඩි ගානක් යද්දි ඇහැපියවිලා ගියෙ ඉක්මනින්..
තාදිත් තාම නිදි..යෙධාරගෙ ඇගෙන් අයින් උනු පාර උණුහුම නැතුව ගිය හින්දා පෙරලිලා ඇවිත් යෙධාරගෙ ඇගටම බරවෙන ගමන් තාදිත් ආයෙ නිදි..
යෙධාත් තාදිත් දෙන්නම ප්‍රශ්න වලින් පොඩ්ඩක් ඈත් වෙලා මේ විදිහට නිදි යහනෙ සැතපෙනකොට තාදිගෙ ගමත් තාදිගෙ ගමේ කොටසක තිබුනු යෙධාගෙ ගැහැණු කෙනාගෙ ගෙදරිනුත් ඕසේට පිච්චෙන කර ගදක් ආවේ ලෑලි හොටෙල් එකෙ අවසාන රූම් එක අයිති කෙල්ලයි කොල්ලයි උනු යෙධාටයි තාදිටයි අම්බානෙකට පින් සිද්ද වෙන්න
*මොක..ක්.මොකද්ද අම්මා ඒ කිව්වෙ.*
මල්කාන්ති..ගැහැනු රූපෙගෙ අම්මා..තාදිගෙ අම්මගෙ මළගෙදර ආරංචි වෙනවත් එක්කම
එයැයි ගියෙ වැඩ ඇරිලා මළගෙදර පැත්තට..
මළගෙදරට අඩිය තිබ්බට මොකද මිනීමැරුමත් යට ගිහින් තිබ්බෙ යෙධාගෙයි තාදිගෙයි හුටපටේට පින් සිද්ද වෙලා
සමහරක් යෙධා බලෙන් අරන් ගියා කියනවා.සමහරක් ලව් හුටපටයක් තිබිලා දැන් කාත් කවුරුත් නැති නිසා පැනලා ගියා කියනවා
තවත් සමහරෙක් ඔය මොකුත් නෙමෙ දුකට මැ|රෙන්න ගියා කියනවා
මළගෙදර මළගෙදරක් නෙමෙයි තනිකර ළිද ළග සංගමයක්...
ඒ තරම් යසයි ඕපදූප වල පවර් එක
මළගෙදර ගියත් මිනියට වඩා විශේශ තැන මේ මගුලට ගිහිල්ලා තියෙනකොට ගිය නිසා මිනිය බලලා ආපු මල්කාන්ති ගෙදර ආපු සැනින් ඕපෙ කනෙ තිබ්බෙ ගෑනු රූපෙගෙ පියා උනු සෝමපාලගෙ කනේ..
𝓐.𝓔.𝓒
ගෙදර ආපු සැනින් මල්කාන්ති පත්තරෙ විස්තරෙ මෙහෙම දිග අරිනකොට ගැහැනු රූපෙ උන්නෙ තමන්ටත් ගමට එනකොටම ආරංචි උනු මළගෙදර විස්තර දැනගන්න හරිම උනන්දුවෙන්..
ගැහැනු රූපෙත් ඒ නිසාම තමන්ගෙ අම්මා ගාවට ඇවිත් ඒ උරහිස්සෙන් නිකට තියාගත්තෙ ඇත්තටම තාදිනි ගැන දුක්වෙමින්..
ඒත්...තත්පරයයි දෙකයි කන් දෙකට ඇහුනු විස්තරෙත් එක්ක ගැහැනු රූපෙට ඉද්ද ගැහුනෙ උන්හිටි තැනුත් අමතක වීගෙන
මල්කාන්ති දන්නෑ යෙධා කියන්නෙ සිරිමල්ගෙ කොලුවා කියන්න.
අඩුම මල්කාන්ති දන්නැ යෙධා කියලා කෙනෙක් ඉන්නවදවත් කියන්න
ඒත් ගැහැනු රූපේ,එයා තරම් යෙධා ගැන දන්නෙ කවුද?
තමන්ගෙ මුලු ජීවිතෙ ම උනු තමන්ගෙ මුලු ජීවිතෙ ම පුදකරපු කෙල්ලන්ගෙ භාෂාවෙන් කියනවා නම් පිරිමි ආත්මය තමයි යෙධා කියන්නෙ
මීට තත්පර ගානකට කලින් තමන්ගෙ අම්මගෙත් තාත්තගෙත් කතා බහට ඔලුව දාන් හිටපු පාර ඇහුනු
විස්තරේ එක්ක ගැහැනු රූපෙගෙ පපුව වේගෙන් ගැහෙන්න ගන්නකොට වේගෙන් ගැහෙන පපුවට අතක් තියාගෙනම ගැහැනු රූපෙ ආයෙම තමන්ගෙ අම්මට කතා කළේ
හරියටම උනු විස්තරෙ දැනගන්න
*මොකද්ද කියලා අහන්නෙ බන්,අර මලී කෙල්ලගෙ දුව තාදී..ආන් ඒකිව මලීව මැරුවයි කියන සිරිමලයගෙ පුතණ්ඩියා උස්සන් ගිහින්*
*ගමෙ එකාලා කියන විදිහට උන් දෙන්නගෙ මොකද්දො හුටපටයක් තිබිලා තියෙනවා..අම්මා මැරුණා කියල සාංකාවෙ අඩන්නෙවත් නැතුව හිටපු එකී ඒ කොලුවව දැක්ක ගමන් අඩන්න අරන්ලු*
*හපෙ අප්පේ ඌත් පැන්න ගමන් අර කෙල්ලව ගිහින් බදාගත්තලු*
*පස්සෙ ඩිංගක් වෙලා උන්නලු කෙල්ලව වඩන් අරූ ගියාලු.කොල්ලගෙ යාලු කොල්ලො වගෙකුත් ඉදලා තියෙ උන් ටික නම් මළගෙදර වැඩ කරන්න නතර උනාලු*
*ඒත් තාදි කෙල්ලයි අර සිරිමලයගෙ කොල්ලයි ආගිය අතක් නෑලු.මොනා උනත් අපෙ මහත්තයා කාටවත් කරදරයක් නැතුව හිටපු කෙල්ල.ගමෙ එකාලා කියන විදිහට ඔය සිරිමලයගෙ කොලුවා නහරකාරයලු*
*අනෙ මන්දා ලොකු උන් හින්දා මේ පොඩි උන් විදින පවක්*
ගැහැනු රූපෙ ඇහුව පාර
ගැහැනු රූපෙගෙ අම්මා උනු මල්කාන්ති මීට ටික වෙලාවකට කලින් මලගෙදරදි කන වැකුනු අපේ ප්‍රධාන නලු නිලි ඩබලගෙ වික්‍රමාන්විතය කම්බුලටත් අතක් තියාගෙන තමන්ගෙ දුවගෙ කනේ තියපු මල්කාන්ති ගේ ඇතුලට ඇවිදන් යනකොට
විස්තරෙත් එක්ක පපුවෙ වම් හරියෙන් දැවිල්ලක් පටන් ගත්ත ගැහැනු රූපෙගෙ ඇස් බොද වෙලා ගියෙ හරි ඉක්මනින්...
_____,,,,,
විනාඩියක් දෙකක් ම්හු පැය කිහිපයක්...
විනාඩියක් එක්ක විනාඩි බර ගානක් ගෙවිලා ගිහින් විනාඩි පැය වෙලා ඉර පායලා තිබ්බෙ සිහියක් පතක් නැතුව නිදාගෙන හිටපු
තාදිවත් නැගිට්ටෝලා යෙධා හිතපු විදිහටම තාදිගෙ කටට පණ ඇවිල්ලා
"තමුසෙට පිස්සුද යෙධාර,මට යන්න දෙනවා .ඔහෙට ඔනි මං වගෙ කා|ල|ක|ණ්|ණි කෙල්ලෙක් හින්දා ජීවිතෙ විනාස කරගන්නද?"
ඇස් ඇරලා වටපිට බලලා යෙධාරව කූද්දලා විස්තරෙ අහගත්තට පස්සෙ තාදි පටන් ගත්තෙ මේ විදිහට තමන්ගෙ බෙලි කටු මල්ල හොල්ලන්න
... කට පියන් ලෑස්ති වෙනවා තාදි,හරි නම් මේ වෙද්දිත් අපි මෙතනින් යන්න ඕනි,තමුසෙගෙ ඔය බෙලිකටු මල්ල හෙල්ලිල්ල හින්දයි මෙච්චර පරක්කු උනෙ..
බෑග් මලු දෙකත් අතේ තියන් ඇදේ ඉදගෙන බණ කියෝන තාදි දිහා බලන් යෙධා කිව්වෙ කාමරේ තිබ්බ තඩි බිත්ති ඔරලෝසුවෙනුත් වෙලාව බලලා ඉවර වෙලා
" යෙධාර තේරුම් ගන්නවා මනුස්සයො.මේක ෆිල්ම් එකක්වත් ඩ්‍රාමා එකක්වත්නෙමෙයි.මොළයක් නැද්ද තමුසෙට ..අපිට.."
.. තාදිනි උබ ඕක නතර කරන් මා එක්ක යන්න එනවද? මංඋබව මගෙ විදිහට අරන් යන්නද?..
"යෙධාර"
.. යෙධාර තමයි ,මෙහෙ වරෙන් යන්න..
තව තව දේවල් කියන්න තාදි කට අරින්න හැදුවත් යෙධාරත් එක්ක තාදිට ඒ වචන පිට කරන්න බැරි වෙද්දි
නැගිටපු වෙලාවෙ ඉදන් තේරුම් කෙරෙව්වත් කොච්චර කියෙව්වත් තාදි එනවා තියා අඩුම කටවත් වහගන්නැති හින්දා
ඇදෙ ඉදන් උන්නු තාදිව ඇදලා අරන් එක අතකින් උරහිස්සට උස්සලා ගත්තු යෙධා
අනිත් අතින් බෑගුත් උස්සන් ලෑලි හවුස් එකෙන් එළියට බැස්සෙ
උරහිසෙ ඉදන් බෙරිහන් දෙන්න කට අරින්න හදපු තාදිටත් .. කට කඩනවා උබෙ ..කියලා කියනගමන්..
________________________