Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 08 2024 @ 20:22

දඩබ්බර ආදරේ 🖤🥀 - 4



°|° දඩබ්බර ආදරේ °|° ❤️‍🔥
___________________________

4th Episode 🥀❤️‍🔥
____________|||
,,,,

හහ්.

තනිකර එක්ප්‍රස් කෝච්චියක්.බටු ඇට කොහොමත් හරි ඉක්මනට යනවලුනෙ....


බිල්ඩින් එක ලග හිටපු හැමොගෙම ඇස් අපි ගාව තියෙද්දි මගෙ ඉස්සරහින් කුලප්පු වෙච්චි ඇතින්න වගෙ යන කොන්ඩ කිරිල්ලිව ඇදලා ගත්තෙ ඒකි ඇවිත් මගෙ පපුවෙ හිටින්න කලින් ඒකිගෙ නලලට අත තියලා ඒකිව බ්‍රේක් කරද්දි..


" මොකද ඕයි "


.. තමුසෙ මොකා කියලාද හිතාඉන්නෙ ආ..


" අනෙ අනෙ මේ ඕයි.මං මොකෙක් උනත් ඔහෙට මොකද ආ.ඇයි කසාද බදින්නද


අනිත් එක මං තමුසෙගෙ ගෑනි නෙමෙනෙ ඔහොම මාව අල්ලන්න..


මේක හරි මගුලක් උනානෙ..මේ ඕයි මෙ.මං තමුසෙට අන්තිම පාර කියන්නෙ..මගෙ මල යකා ඇවිස්සිලා තියෙන වෙලාවෙ මගෙන් කන්න ලෑස්ති වෙන්න එපා ඈ "

..

ටින් ටකරං වොයිස් ටිකින්.කටෙ සද්දෙ...පපුවටවත් උස නැති එකි බෙල්ලත් අත ගගා ඇගිලි තුඩින් ඉස්සි ඉස්සි වචනත් පැටලි පැටලි බනින හැටි දැක්කාම තරහා බූම් ගාලා නොගියා කිව්වොත් බොරු....


තාත්තගෙන් උරුම උනු කටකොනෙ ආඩම්බර හිනාව ඔටොම මගෙ කටට එද්දි හෙමින් සීරුවෙ ඒ ඇස් දිහා බලන් කෙල්ලගෙ මූනට නැමුනු මං කෙල්ල ඇස් අමුතු කරනවත් එක්කම හැමොටම ඇහෙන්න සද්දෙන් ඇහුවෙ " බැරි වෙලාවත් මිනිහා උනොත් මට අල්ලන්න පුලුවන් නේද බේබි " කියලා....


පුහ්.කෝ සවුන්ඩ්.කෙල්ල ශට් ඩවුන්.ලොකුවට ලස්සනක් නැති උනත් පොල් ගෙඩි සයිස් වෙද්දි මූනට බෝනික්කි ස්වරූපයක් ගේන ඒ ඇස් ලොකු කරන් බලපු කෙල්ල වටපිට බලලා මූන ඇද කරගත්තෙ එහෙන්මම පිටිපස්ස හැරිලා " තමුසෙ වගෙ හිකනලෙක් මට එපා " කියලා කියද්දි...


යකොහ් මේකි.කෙල්ලො යාලු වෙන්න එන්නෙ පිස්සුවෙන් වගෙ.මේකි මට හිකනලාලු.


කෙල්ල එහෙම කියලා අඩියට දෙකට දුවන්න හැදුවත් මං අල්ලගත්තෙ ඒකිගෙ කොට කොන්ඩෙන්...


" මේ මේ ඕයි.මගෙ කොන්ඩෙ අතාරිනවෑ.බොහොම අමාරුවෙන් අම්මට වැදලා ගොතන් ආවෙ.


තමුසෙ එන්නෙ නැනෙ ඕයි ඔය ලබ්බ ලෙහුනාම ගොතලා දෙන්න


අතාරපන් ඉතින් "



ආයෙ යක්ශ වර්ශන්.මං හිතන්නෙ මේකි ඉපදිලා තියෙන්නෙත් මගෙ නැකතෙන්මද කොහෙද....


මට වගෙම කේන්තියක් මේකිටත් යද්දි කෙල්ලට ඇහැක් ගහපු මං හැමොටම ඇහෙන්න " අද ඉදන් මේකි මගෙ කෙල්ල " කියලා කිව්වෙ ඒකිගෙ කොන්ඩ කරලත් අතාරින ගමන්....


ගොන් ඉබ්බි මං කිව්ව එක ඇහුනෙත් නැ දුවලා ඉවරයි.ශාන් ලගට ඇවිත් මොකද්ද උබෙ කිව්වෙ කියලා අහද්දි උට ඇහැක් ගහලා " මගෙ වැඩෙට ගැලපෙන්නෙ මෙකි බන් " කියලා කිව්ව මං උගෙ උරහිස්සට තට්ටුවක් දාලා ඇදුනෙ අර මල යක්ශනීව අල්ලපු අත හෝදගන්න සින්ක් එකට.....

..
..

අද ඉදන් ඉතින් මේ රූත් කොල්ලා වැඩෙට බැස්සා..බලමුකො බලමුකො අද ඉදන් ඔය කාට කාටත් රිදෙන හැටි...

..

කෙල්ල දුවපු දිහාවට ආයෙම පාරක් ඇස් යවලා කටකොනින් හිනා වෙන ගමන් අත හේදුවෙ වටෙ පිටෙ උන් කසු කුසු ගගා අපි ගැන කියෝනවත් ඇහෙද්දි.....

______________________________

කමෙන්ට් එකක් දාන් යන්ඩ.🖤

ඊලග කොටසින් හම්බෙමු.🖤😻

Wɾιƚҽɾ ҽʂԋαɳι 🖤


Loading...