Drg No
Member
Dec 09 2024 @ 17:55
♡ නුහුරු ඇරයුම් ♡ - 2

ඇහැ ලඟ රිදෙනව වගේ නිසා මම පොඩ්ඩක් අතගාල බැලුව.
"ඔහොම කටගොන්නක් බීගෙන ගෙදර යන්න එපා. තමුසෙ ගාව ඉන්නවත් බැරි තරන් ගඳයි. ආ... මේ ශර්ට් එකයි කලිසමයි ඇඳගන්නව නාගෙන. ලකී ගෙනත් දුන්නෙ"
කියල ශනුකි මට කලිසමකුයි ශර්ට් එකකුයි දික් කලා.
"ඇහැගාවට අයිස් ටිකක් තියාගන්න. සොරි"
අඩේ මේකි මට සිරාවටම කෙලලද ඒ කියන්නෙ.
වැනි වැනිම ශර්ට් එක ගලවල බිත්තිය උඩින් දැම්ම. ශනුකි බලන් ඉන්න නිසා කලිසම ගලවන්න ලැජ්ජාවට ශනුකි දිහා බලල නෝන්ජල් හිනාවක් දැම්ම.
"අනේ තොගෙ ලැජ්ජාව. ගෑනු නාන දිහයි අර ජරාවයි බලන්න ලැජ්ජ නෑ තොට. හා හා ඉක්මනට නාගන්නව. මටත් ගෙදර යන්න ඕනෙ"
ශනුකි එහෙම කියල එහාට ගියා. හවස් වෙලා තියෙන වෙලාවෙ කට්ට හීතලේ ගැහි ගැහි නාගෙන ශනුකි ගෙනත් දුන්න ඇඳුම් දෙකත් ඇඳගත්ත.
"තමුසෙ පොඩ්ඩක් නෙතූගෙන් ඈත් වෙලා ඉන්නව. ඒකි බය වෙලා හොඳටම. තමුසෙගෙ මෝල් අමාරුව ඒකි දන්නෑනෙ තාම. ඒ නිසා පොඩ්ඩක් වහං වෙලා ඉන්නව. දැන් ගෙදර යනව. තමුසෙට උදව් කලා කියල කාටහරි කියල තිබ්බොත් තමුසෙ මේ ගමේ ඉන්න අන්තිම දවස කියල මතක තියාගන්නව."
කියාගෙන ශනුකි මටත් ගස්සල දාල ගියා වන වන.
පට්ට සීරියස් වෙලාවක් උනත් අපිටත් ඉතින් වැනිල්ලක් දැක්කොත් ඒ දිහා බැලෙනවනෙ.
ඇඳුම් ටිකත් අරගෙන සේපට වත්තට පැනල ජනේලෙන් කාමරේට ආව. ලකිය ඒ වෙනකොටත් බිම දපනෙ දාල නිදි.
උටත් ඇහැරවල බත් එකක් බෙදාගෙන ගෙනත් දීල මුකුත් උන්නෑ වගේ ඇඳට වැටුන.
ඇයි ඇත්තටම ශනුකි මට උදව් කලේ... මං හිතුවෙ ශනුකිට මාව පේන්න බැරුව ඇති කියල ඊයෙ උන සිද්දියත් එක්ක. මට උදව් කලා කියල කියන්නත් එපාලු. කොහොමෙන් කොහොමෙන් හරි ශනුකිගෙත් හොඳ පැත්තක් තියෙනව කියල තේරුනා.
පහුවදා උදෙන්ම ලකියගෙ අම්ම, නිලූක ඇන්ටිගෙ බඩු වගයක් ගන්න ටවුමට යන්න ලෑස්ති උනා. අනුන්ගෙ ගෙදරක ඉඳිය කියල free නෑ ඉතින්. මේවගෙන් තමා ණය ගෙවන්න මං.
බස් හෝල්ට් එකට වෙලා මාව පහු කරන් යන ඇන්ටිලගෙයි අක්කලගෙයි නංගිලගෙයි ඇඟවල් බල බල ඉන්න අතරෙ නෙතූයි ශනුකියිත් ආව ඩෙනිම් දෙකකුත් ගහන්. කෝස් එකට යන්න වෙන්නැති.
මම බස් හෝල්ට් එකේ ඉන්නව දැකපු ගමන් නෙතූ පොඩ්ඩක් අප්සට් ගැහුව. ශනුකිත් රවල බලල 'එයාට යනව' කියල ඔලුවෙන් sign කලා.
කෙල්ලෙක්ට බය නොවී ඉන්න එක වෙනම දෙයක්. ඒ උනාට යක්සනියක් කියපු දෙයක් මගාරිනව කියන්නෙ ඒක තවත් දෙයක්. ශනුකි කියපු නිසා මං බස් හෝල්ට් එකෙන් එහාට වෙලා හිටිය.
ටිකකින් බස් ලට්ටකුත් ආව සෙනගත් පුරවගෙන. අර දෙන්න නගිනකං ඉඳල මාත් පිටිපස්සෙන් නැග්ග. අස්සෙන් අස්සෙන් ගිහින් ජැකක් තියාගන්න පොට් එකක් හොය හොය ඉන්නකොට නෙතූගෙ පිටිපස්සෙන් හිටපු වයසක ඩයල් එකක් නෙතූගෙ ඇගට ගොඩවෙන්න හදනව වගේ දැක්ක.
වීරය වෙනවනං මෙන්න චාන්ස් එක කියල හිතන් නෙතූ ළඟට යනකොටම ශනුකි අරූගෙ බඩ කොර වෙන්නම වැලමිටෙන් ඇන්න එකක්.
මාවත් තල්ලු වෙලා තල්ලු වෙලා නෙතූවත් පාස් කරන් ඇවිල්ල නැවතුනේ ශනුකිගෙ පිටිපස්සෙන්.
දැන් කාපංකො ආපහු පරිප්පුව. දෛවයේ සරදමක්ද බං නෙතූව බලන්න , ළඟට එන්න හදන්න හැම වෙලාවෙම නෙතූව මගෑරිල ශනුකිව සෙට් වෙන්නෙ.
නෙතූ හිටිය නං බය සැක නැතුව ඇඟේ ගෑවෙන්න තිබ්බ. මේ මල යකින්නියගෙ ඇඟේ ගෑවෙන්න ගිහින්න අනාගතේ අඳුරු කරන් එන්න වෙන්නෙ. ඒ නිසා පුලුවන් තරන් පස්සට වෙලා උඩ පොල්ලෙන් අල්ලන් හිටිය. ලාවට වගේ ශනුකිගෙ ඩෙනිම පිටිපස්සෙ වදිනව ඉතින්.
කොන්දත් කෑ ගහනව නැගපු උන් සල්ලි ගන්න කියල.
නැගල නං තමා. ඒකනෙ පුලුවන් තරන් පස්සට වෙලා ඉන්නෙ. ඒ උනාට සල්ලි ගන්න සාක්කුවට අත දාන්න ගිහින් ශනුකිගෙ පිටිපස්සෙ අත වැදුනොත් හිතයි මම අල්ලන්න හදනව කියල.
"ඒයි සල්ලි නැද්ද. නැත්තං කියනව මං ගන්නං"
ශනුකි මගෙ පැත්ත හැරිල ඇහුව.
"සල්ලි තියේ. සාක්කුවට අත දාන්න බයයි"
මම එහෙම කිව්වම ශනුකි පිටිපස්ස හැරිල සාක්කුව දිහා බලල සීන් එක තේරුන් ගත්ත.
"ගන්නව ගන්නව. තමුසෙගෙ අසහනේ අලුත් දෙයක් නෙවේනෙ"
හෙ හේ... එහා පැත්තෙ හිටපු ඇන්ටිටත් ඇහුන. නෙතූටත් ඇහුනද දන්නෑ. මම ඒම නෑ.
[img]https://telegra.ph/file/3d404d580ae179518eede.jpg[/img]
ටිකටුත් අරන් ඇවිල්ල මම මගින් බැහැල නිලූක ඇන්ටි කියපු ගෙදෙට්ට ගියා. ඇන්ටිගෙ සාරි බ්ලවුස් මහන්නෙද මොකක්ද කරන්නෙ මෙතනලු. මම යනකොටත් ඒවගෙ වැඩ ඉවර කරල තිබ්බෙ නෑ. ඉතින් ඒක කරනකං මම ගේමක් ගගහ සැපේ හිටිය.
දවල් වෙලා ඒ වැඩ ටිකත් ඉවර කරන් පාරට වෙලා හිටිය බස් එක එනකං.
මේ වෙලාවට සෙනග අඩු නිසා ඉඳන් යතෑකි. උදේ ගියාට වඩා හොඳ එකක් මේ සැරේ සෙට් උනා. බස් එකට නැග්ග ගමන් මගෙ නම කියල කවුද කෙනෙක් කතා කරනව ඇහුන නිසා පිටිපස්සෙම ශීට් එක දිහා බැලුව.
"මලිත් පොඩ්ඩක් එනව"
හප්පටසිරි ශනුකි. උදේ සීන් එකට බනින්න වගේ හදන්නෙ.
"කි... කියන්න ශනුකි" කියාගෙනම මාත් එයාට එහාපැත්තෙන් වාඩි උනා ඇඟේ වැඩිය වදින්නැති වෙන්න.
"නෙතූට කොල්ලෙක් ඉන්නව. තමුසෙ දන්නවද ඒක"
හිත ගාව හීන මාලිගේ හදාපු ආදරේ....
මගෙ මූණ අබ උනා කියල දැකපු නිසා ශනුකි කතා කලා.
"නෙතූ තමුසෙ හිතන තරන් යහපත් හොඳ කෙල්ලෙක් නෙවෙයි"
"මොකක්ද ඒ කතාව"
"තමුසෙ කොච්චර පස්සෙන් ආවත් තමුසෙට කැමති වෙන්නැත්තෙ ඇයි කියලද හිතන්නෙ."
මම දන්නෑ කියන්න ඔලුව වැනුව.
"අනේ ඕයි. තමුසෙ ඉගෙනගත්තෙවත් නෑ. රස්සාවකුත් නෑ. ඉන්නෙත් වෙන එකෙක්ගෙ ගෙදර පිනට. අනික බීගෙන ගම වටේ කෑගහනව. නෙතූ කියන්නෙ කොල්ල මොන වගේ උනත් ආදරෙන් භාරගන්න කෙනෙක් නෙවෙයි. ඒකි හොයන්නෙ සැප. ඒකි හැමදාම පරක්කු වෙලා ගෙදර එන්නෙ ඒකි කෝස් එක ඉවර වෙලා කොල්ල එක්ක රවුම් ගහන්න යනව. තමුසෙට අඩු ගානෙ පුට්සයිකලයක් හරි තියෙනවද. සෙරෙප්පු දෙකත් ගෙවිල ගිහිල්ල. බලහං. අච්චර කාර් එකක් තියෙන කොල්ලෙක්ව දාල උඹ එක්ක යාලු වෙන්න පිස්සුවක් නෑ ඒකිට. අනික ඒකි එහෙම කරන්න තරන් හොඳ කෙල්ලෙකුත් නෙවේ. පත්තිනි අම්ම වගේ හිටියට දහ අට සන්නියම නටල ඉන්නෙ."
ශනුකි මේ කියන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව මම අසරණ වෙලා ඉන්නෙ.
"ඒත්......"
"මම තමුසෙට මේක කියන්නෙ තමුසෙ ඒකි පස්සෙ යන එක නවත්තන්නැති නිසා. මට ප්‍රශ්නයක් නෑ. මැරෙනකං උනත් පස්සෙන් යනව. ඒකි තමුසෙ එක්ක යාලු වෙන්නෑ. ඒ උනාට තමුසෙ වෙන එකියක් නිසා කාලකන්නි වෙනව බලන්න මට බෑ"
අන්තිමට කියපු වචන ටික ඇහුනෙත් නැති තරන්. මට දැනුනෙ එකපාරටම අමුතු හිස්තැනක් හිතේ ඇති උනා වගේ. හීන කෝටි ගානක් තියාගෙන අවුරුදු තුනකටත් වඩා පස්සෙන් ගියේ... අන්තිමට මේ ටික අහගන්නද?
"මට කමක් නෑ. නෙතූ මාත් එක්ක කතා කරනකං මම පිළිගන්නෑ මුකුත්. උඹට ඕනෙ දෙයක් කියහං. කවදහරි එයා මට කැමති වෙයි"
ශනුකි කට කොනින් පොඩි හිනාවක් දාගෙන අහක බලාගත්ත.
මමත් කතාවක් බහක් නැතුවම ඇවිල්ල හෝල්ට් එකෙන් බැහැල ගෙදර ආව. නිලූක ඇන්ටිට ඇඳුම් ටිකත් දීල ගිහින් ඇඳට වැටුන.
හවස නිලූක ඇන්ටි දොර ගාව ඉඳන් කතා කරපු නිසා මම ඇඳෙන් බැහැල දොර ගාවට ආව. ශනුකියි නෙතූයි ඇවිල්ල.
"ආ මලිත්. මේ ශනුකිල ඇවිල්ල මොකක්ද කොම්පියුටරයක් ගැන අහන්න. බලන්න පොඩ්ඩක්"
කියල නිලූක ඇන්ටි ඇතුලට ගියා.
"මලිත් පොඩ්ඩක් තනියම කතා කරන්න පුලුවන්ද මට"
නෙතූ මං දිහා බලන් කිව්ව.
අපි තුන් දෙනාම ඊටපස්සෙ පාරට ආව. ඇවිල්ල ශනූ එතනම ඉන්න ගමන් මමයි නෙතූයි ඉස්සරහට ඇවිදන් ආව.
"මලිත් වැඩිය කතා කරන්න දෙයක් නෑ මට. ප්ලීස්. මගෙ පස්සෙන් එන්න එපා."
මම බය වෙලා වගේ නෙතූගෙ මූණ දිහා බැලුව.
"මම හිතුවෙ කලින් ඉස්කෝලෙදි ඇහුවට පස්සෙ ඒක එතනින් ඉවරයි කියල. ශනූ මට අද කිව්වට පස්සෙ මමත් දන්නෙ. මට කොල්ලෙක් ඉන්නව. මට ඔයත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න උවමනාවක් නෑ. ඒ නිසා මට කරදරයක් වෙන විදිහට හැසිරෙන්න එපා. ඒ උදව්ව කරන්න මට"
"ඒත්... නෙ... නෙතූ"
"මට ඔයා ගැන කිසිම interest එකක් නෑ. ඒ නිසා මගෙ පස්සෙන් එන්න එපා. ඔය ගමෙන් කෙල්ලෙක් හොයාගන්න. ඕනෙ තරන් ඉන්නෙ සිප්පි කෑලි. ඔයාගෙ ලෙවල් එකට කෙනෙක් හොයාගන්න මලිත්"
මේ ඉන්නෙ මම දන්න නෙතූමද කියල මට හිතාගන්න බෑ. කතා කරන්න හැදුවත් කිසිම වචනයක් කටින් පිටවෙන්නෑ.
නෙතූට මුකුත්ම නොකිය ඔලුව වනල මම බිම බලාගෙනම පාර දිගේ ඇවිල්ල ආපහු ගෙට ගියා. ශනූකිත් මම දිහා ටිකක් වෙලා බලන් ඉඳල ආපහු යනව දැක්ක. මම කාමරේට ඇවිල්ල පුටුවකින් වාඩි වෙලා හිටිය වෙච්ච දේ තේරුම් ගන්න බැරුව.
"මලියො. ශනුකිල ආවෙ ඇයි. මොකක්ද කිව්වෙ උඹට. ඇයි උඹ අප්සට් ගහල"
ලකියත් අහනව ඉවරයක් නැතිම තැන උටත් කිව්ව කතාව.
"හම්ම්. උඹට සිරා කැමතී නං ඉතින් උඹ ඉන්න තත්වෙ බල බල ඉන්නෑ බං. උඹ ඔය ඉන්න විදිහටම පිළිගන්නව. සිරා ලව් කියන්නෙ ඒකට. දැන් පොඩ්ඩක් ශේප් එකේ හිටාං. වෙන එකක් බලමු. තව ඔයිට වඩා හොඳ උන් ඉන්නව ඕනි තරන්"
ලකිය මගෙ හිත හදන්න කිව්වත් මට ඇත්තටම වෙන කෙල්ලො ගැන එහෙම දෙයක් දැනිල නෑ. මාර හිස්බවක් දැනෙන්නෙ මට.
'ටිං'
ෆෝන් එකට මැසේජ් එකක් ආපු නිසා බැලුව ඒක.
'හෙට 9ට එන්න බස් හෝල්ට් එකට. පොඩ්ඩක් කතා කරන්න ඕනෙ'
ඒ ශනුකි.
මතු සම්බන්ධයි...
Lesson 02
[img]https://telegra.ph/file/0faf58ad0c277a5b2dab6.jpg[/img]