ආදරේ කලත්, නොකළා වගේම ඉන්න
නුඹට හැකිනම්
ඔහොම ඔතැනම
නොදැනෙනා ලෙස ඉන්න
මටත් බැරි අයි
අපේ මතක වළලන්න
උඩු හිතින් හැම මොහොත
මුමුණන්න ඔය විලස
යටි හිතට එහෙත් බැහැ
නුඹව හංගන් ඉන්න
ඉතින්, ම ප්‍රිය සබඳ
නුඹට පුලුවන්ද තව
නොකියාම ඉන්න
ආදරේ කලත්, නොකළා වගේම ඉන්න