කාලය හැම තුවාලයක්ම සුව කරනවා කියලා මිනිස්සු කියනවා.
ඒත් ඇත්තටම එහෙම නෑ....
සමහර වේදනාවන් අවුරුදු ගානක් ගියත් අපිව අතහැරලා යන්නේ නැහැ.
අපි ඉගෙන ගන්නවා කාලෙත් එක්ක ඒවා එක්ක ජීවත් වෙන්න විතරයි.
හිතේ බර අඩුවෙන්නේ නැහැ,
අපි ඒ හිතට දැනේන බර කාලෙත් එක්ක උහුලගන්න පුරුදු වෙනවා විතරයි.
කාලය ඇත්තටම කරන දේ සුවපත් කරන එක නෙමෙයී....
ඒ ඔබව බිඳ දැමූ ඒ මොහොතත් ඔබත් අතර දුරක් ඇති කරන එක විතරයි....
ඒ මොහොතේ වගේ හිත පැටලීලා නැති හිතන්න තරම් දුරක්...
තේරුම් ගන්න පටන් ගන්න තරම් දුරක්....
මහා දුකක් හිතට දැනිලා අනිත් දවසේ උදේ නැගිටිද්දී සම්පූර්ණයෙන්ම ඒ දුක නැති වෙලා නැති වෙන්න පුළුවන්.
ඒත් දවසක තේරේවි,ඒ කාලේක දැනුන වේදනාව කලින් වගේ හිත පාලනේ කරන්නේ නෑ කියලා...
ඇත්ත නම්, සමහර වේදනාවන් කිසිදා මැකී නොයන ලකුණු තබා යනවා.
ඒ කාලේකට කලින් ඔබව බිඳ දැමු වේදනවා...
අද ඉන්න ඔබව හදනවා......