ඔයාගේ මේ හමුව…
අහම්බයක්ද…
නැත්නම් මගේ ජීවිතේට ලියවුණු ලස්සනම පාඩමද…
හිතුවෙවත් නැති සෘතුවක,
හිතුවෙවත් නැති මොහොතක,
මගේ ජීවිතේට ඇවිත්…
ආදරේ කියන්නේ මොකක්ද කියලා,
කෙනෙක් වෙනුවෙන් හිත ගැහෙන හැටි,
හිනාවක් වෙනුවෙන් මුළු දවසම බලන් ඉන්න හැටි,
මට මුලින්ම උගන්නපු කෙනා උබ....
ඒත්…
මේ තරම් ආදරේ කරන්න මට ඉගැන්නුවෙත් උබම නම්,
ඇයි අවසානයට මට දීලා ගියේ
සමුගැනීමක නිහඬ වේදනාවක්…
මට හිතෙන්නේ,
උබ මගේ ජීවිතේට ආවේ ජිවිත කාලේම මාගේ
කෙනා වෙන්න නෙවෙයි…
ආදරේ කියන ලස්සන හැඟීමත්,
ඒ ආදරේ නැති වුණාම
හිත කොච්චර රිදෙනවද කියලා සමහර විට මට කියලා දෙන්න වෙන්නැති... 🙃❤️