හිනාවෙන කතා පොත්...
ගියා මම දවසක් කම්මැලිකමට
පොතක් කියවන්න ගන්න
පොත් මැදුරකට... 📚🏘
දන්නවද එහි තිබ්බ සමහර පොත්
හරි ලස්සනට මාත් එක්ක හිනා වුනා
ඔව් මං කතා කරා එයාලත් එක්ක
සමහර අයගේ හිත රිදෙන්නත් ඇති
මොකද හැම කෙනෙක්වම
මං එක්ක ආයේ එනකොට
ගේන්න බැරිවුනා ❤️🩹
අතේ තිබ්බ මොනරු ඉවර වුනා
පොත් මැදුරක ලස්සන හිනාවන්
පිරිච්චි ජීවිත ගොඩාක් තියෙනවා
ඒ ජීවිත වලින්
මම වගේ අහිංසක මිනිස්සුන්
ජීවිත කතාව ඇතුලේ
සැනසීම හොයනවා...♥️🌻
අන්න ඒකයි හිනාවෙන කතා පොත් අස්සේ
මිනිස්සුන්ගේ වේදනාවන් නිම වුනේ....
Gethmina Bandara |° ✍️