මං හරි කැමතියි
අදුරු රෑ වැඩිපුර තියෙනවනම්
අදුර එක්ක පුදුම සැනසිල්ලක්
හිත අස්සේ හොයනවා
ආසම පාට කලු නිසාමද
හැමදේටම වඩා හෙව්වෙත් අදුර
දන්නවද ලමයෝ....
මේ හිතේ වේදනාව දන්නේ
කණාමැදිරි පිරුණු අදුරු රාත්‍රිය
කහ පාටින් පිරුණු
චන්ද්‍ර මාතාව එක්ක ඉන්න තාරාකාවෝ
ගොඩාක් වේදනාවන් හංගපු මිනිස්සු
රාත්‍රියත් එක්ක බැඳුනා අප්‍රමාණව
ඒක වෙලාවකට පිටින් බලන කෙනෙක්ට
මූ නම් මහ බයානක ගුප්ත මිනිහෙක්
කියන ගානට පිස්සුවක් උනා...
ඒ කොහොම උනත්
අදටත් වේදනාවේ ගිලුනු ගොඩාක්
මිනිස්සු හෙව්වේ තනිවෙන්න අදුරක්...
Gethmina Bandara |° ✍️