දසමස කුස දරා රිදුමන් ඉවසූව....
ඇදිවත ගැන නොසිතා මා රැකගත්ත...
ලේ කිරි කර මා කුසගිනි නිවාලුව...
අම්මේ කෝම මං මේ ණය ගෙවන්නට....
දරුදුක මෙච්චරයී කීමට බෑ අම්මේ...
නුඹේ නමයි මගෙ පපුවේ ලියවූවේ...
බඩට නොකා මගෙ බඩගිනි පිරවූවේ..
අම්මේ උබත් යනවද මතු බුදුවෙන්නේ...
අපමණ දුක දරා මා වෙනුවෙන් පේවුනේ...
කොහොමද අම්මේ ඔය හැටියට ඉවසන්නේ....
ඉතින් අම්මේ මේ හැටි නුඹ වද වෙද්දී...
මා කෝමද නුඹ හට ආදරේ නොමදෙන්නේ...
Gethmina Bandara |° ✍️
කරුණාකර කතෘ අයිතිය සුරකින්න ©