🌚 රාත්‍රිය
😶 තනිකම
🎧 සංගීතය
🌧️ වැස්ස
මේ හතරම ගොඩාක් මිනිස්සු
තදින්ම පෙම් බදින කාරණා හතරක්
ඒ තරමටම ඒ දේවල් මිනිස්සුන්ට
පුංචි සතුටක් , දුකක් , සැනසුමක් ,
කල්පනා කර කර ඉන්න මොහොතක්
ලබාදුන්න දේවල් සතරක්
රාත්‍රිය ගත්තොත් ගොඩාක් මතක නැවත ආවර්ජනය කරන එක හෝරාවක්....
තනිකම කියන්නෙම තමන්ට තමන් විතරක්මයි කියලා හිතන්නගත්ත ගොඩාක් මිනිස්සු තුරුල් කරගන්න එක සංකල්පයක්...
සංගීතය කියන්නේ හිතට සතුටක් සැනසුමක් වගේම හිතේ තියෙන දුක එලියට පිට කරන්න පුලුවන් හරි ලස්සන කලා රසයක්....
වැස්ස හුඟක් පුංචි ලමයි වගේම තරුණියනුත් ආසම මල් වැස්සක අත් දෙක දෙපසට විහිදලා සතුටු වෙන්න පුලුවන් ස්වභාව ධර්මයෙන් ලැබුනු දායාදයක්....
ඒකයි මේ හතරම ගොඩාක් මිනිස්සු එක්ක
තදින්ම බැදිලා තියෙන්නේ...
ඒකයි අදටත් ගොඩාක්ම කවි ගී ලියැවුනේ
මේ දේවල් වලට....
Gethmina Bandara |° ✍️