Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
hIrUu ......... level_badge

hIrUu .........

Member

Nov 24 2026 @ 20:13

ආදරණීය තෙත හොම්බා...



කඩ වීදියට දුවගොස් එන විට,
ඉස්සරහ දොරෙන් ඇතුළුවද
දනී,
පිටිපස්සෙ දොරෙන් මට හමුවන බව...
මොහොතක් සාලේ දොර ළඟ නතර නොව,
දුවමි කුස්සියේ දොර ළඟටම මම
මගෙ පංගුව ඉල්ලා ගැනීමට...
මොනවාදැයි අදාල නැත මට...
ගිල දමමි කට දෙකට මම......
තෙත හොම්බයි, කළු ජිල් බෝල ඇස් දෙකයි...........
කිව්වෙම අපට ආදරේ වග....
නගුටත් වනනවා හරි හරියට,
ගැලවී විසිවෙන තරමට.....
රැයකට කළුවරට,
බය නොවෙමි මම නුඹ ළඟ විට.......
මගේ ආදරණීය තෙත හොම්බා වෙත
නැවතත් කියමි නුඹ නැති දින
මා තනිවන බව.........🥺