අමු සොහොන මැද මගේ සුදු දුව
තනියෙන්ම අද සැතපිලා...
තනිය රැකුමට කවුරුවත් නෑ
සැමගෙ සිත් අද උණු වෙලා...
කළුවරට මගෙ පුංචි සාවිය
පොඩි වියේ සිට බය නිසා...
සොහොන වටකර පහන් තියලා
අදුර පොඩ්ඩක් දුරු කලා...
ගෙදර අද නුබ නැති අඩුව මම
කාගෙන්ද පිරි මහන්නේ...
සුදු දුවේ ලෙස කාටදෝ දැන්
අද ඉදන් මම කියන්නේ...
කදුළු නැත තවනම් හඩන්නට
හදම ගින්නෙන් තැවෙන්නේ...
මතු බවයෙදිත් පුතේ නුබ මයි
මගේ මේ සිත පතන්නේ...
_________________හිමල්ෂ හසේන්___________________