Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Dhanushka Pathirana level_badge

Dhanushka Pathirana

Member

Oct 14 2024 @ 05:29

දයාබර චූටි දුව..සුභ උපන්දිනයක් මැණික



චූටි මැණික...
අද වගේ දවසක තමයි,
ඔයා මේ අම්මියි තාත්තියි
ලගට ආවේ....
ඔව් පුතේ,
එදා ඔයාගේ අම්මිගේ,
බඩ ඇතුලෙන්...
ඔයාට සීරීමක් නොවෙන්නම,
අම්මිගේ බඩ
ගොඩාක් කපලා...
ඔයාව Dr.Uncle
එලියට අරගෙන,
අපි දෙන්නට දීලා....
අදට අවුරුදු හයයි පුතේ
දැන් ඔයා ගොඩාක් ලොකුයි
ඔයාව වඩාගන්න...
හුරතල් කරන්න...
ගොඩාක් ආස වුනත්,
ඔයා මේ තරම්
ඉක්මනට,
අපි ඉස්සරම ලොකු වෙද්දි
අම්මිටයි තාත්තිටයි...
ගොඩාක් සතුටුයි පුතේ...
ඔයා ගොඩාක් ලස්සනට,
මෙහෙම හැදෙද්දි,
අපි දෙන්නට ගොඩාක්.....
සතුටුයි පුතේ....
ජීවිතේ පුරාවට,
මේ ලොකේ
දකින්න ආසම කෙනත්,
ලගින් ඉන්න කැමතිම කෙනත්,
සතුටින් ඉන්නව දකින්න
කැමතිම කෙනත්...
මේ අම්මිටයි තාත්තිටයි...
ඔයා විතරක්ම වෙද්දි...
අපේ පනට,
අපේ චූටි මැණිකට...
හදවතින්ම ගොඩාක්...
ආදරෙන් මෙහෙම
කියන්නම් පුතේ....
"මගේ මැණික,
පුතේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා....
රත්තරන්....
හැමදාමත් ගොඩාක්...
ආදරෙයි.....🎉️🎉️🎉️🎉️🎉️


Loading...