Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Kushan A Wickramasinghe level_badge

Kushan A Wickramasinghe

Member

Feb 12 2026 @ 22:45

| අහඹුවක්දෝ ආදරේ | Miracle Of True Love 🌻💗✨ - 1

පිවිසීම

ලෝකයම ආදරයේ උණුසුම සොයද්දී,ආදරය විසින්ම අතරමං කරනු ලැබූ තරුණයෙක්.
මවකගේ සෙනෙහස රැකවරණය හිමිවිය යුතුම අවධියේදී, ඒ රැකවරණය ඔහුගෙන් උදුරා ගත්තේ ඇයගේම නොමනා තීරණයකි.
විදේශයකදී ඇතිකරගත් අනියම් සබඳතාවයක් වෙනුවෙන් තමන්ගේම ලේ කිරි කර දුන් දරුවාත්, සැමියාවත් හැරගිය ඇය, විහඟගේ ලෝකය තුළ ඉතිරි කළේ හිස්තැනක් පමණි.
        නමුත් ඒ හිස්තැන විහඟට දැනෙන්නට ඉඩ නොතැබූ එකම මිනිසා ඔහුගේ පියාය.කෝටිපතියෙක් නොවුණත්, තමන්ගේ දහඩිය සුවඳ මැදින් විහඟට සතුට උරුම කර දෙන්න ඒ තාත්තා නොකළ කැපකිරීමක් තිබුණේ නැහැ.
නමුත් ජීවිතය හැමදාම එකම විදිහට ගලාගෙන යන්නේ නැහැ.උසස් පෙළ විභාගයට මුහුණ දීමට විහඟට තිබුණේ තවත් මාස තුනක් වැනි කෙටි කාලයක්. මේ අතරතුර හදිසියේම විහඟගේ පියා හෘදයාබාධයක් හේතුවෙන් මේ ලෝකය හැර දමා යන්නේ විහඟට දරාගැනීමට නොහැකි ආකාරයේ දුකක් , තනිකමක් ඉතිරි කරමිනි.
ඒ අඳුරු දවස්වල විහඟගේ කඳුළු මැදින් ඔහුට නිතරම මතක් වුණේ තාත්තා ජීවතුන් අතර ඉද්දී ඔහුට නිතරම දුන් අවවාදයක්...

"පුතේ, මිනිස්සු අපිව දාලා ගියත්,අපි ඉගෙනගත්ත දේ කවදාවත් අපිට ද්‍රෝහි වෙන්නෙ නෑ.ඒකයි උඹේ අනාගතේ දවසක හිනා ගස්සන්නෙ."

    එදා ඔහුගේ පියා ඔහුට දුන් අවවාදය විහඟගේ සිතට මහා ලොකු ශක්තියක් උනා.හදවතේ සඟවාගෙන සිටි දහසකුත් දුක් වේදනා පෑනටත්,පොතටත් මුදා හැරියේ තමාට ජීවිතයේ ලැබුණු සියලු බාධක පරදා උසස් පෙළ තාක්ෂණ අංශයෙන් A3ක විශිෂ්‍ට ජයග්‍රහණයකුත් ලබාගනිමිනුයි.ඒ ජයග්‍රහණයත් සමඟම විහඟට තවත් එක් භාග්‍යක් උදා වූයේ විහඟ කිසි දිනක නොසිතූ අයුරිනි. 
   ඒ, ජපානයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ලැබුණු පූර්ණ ශිෂ්‍යත්වකි.

මතු සම්බන්ධයි.

Written By : Kushan A Wickramasinghe

ජපානය වැනි නුහුරු නුපුරුදු දේශයක විහඟගේ ජීවිතය කෙබඳු වේවිද..? 
ඒ සීතල පරිසරය මැද ඔහුගේ ජීවිතේ උණුසුම් කරන ඒ "අහඹු හමුවීම" කාගේ වේවිද..?

ඉතුරු ටිකත් දැනගන්න නම් අනිවාරෙන් පේජ් එක ෆලෝ කරලා එකතුවෙලා ඉන්න.