
මල් වයස සංවර වෙලා
මල් කිමද පැත්තක් බලා
මල් රේණු බිඳු පැණි දරා
මඟ බලන් බඹරෙකු අරා
නිල් නයන ඔච්චම් කරා
නිල් මූද රැළි කෙස් සරා
නිල් සිහින සිත් සරසලා
නිසි වයස කල එළඹිලා
රණ තිසරු ඇරයුම් පතා
රණ කුමරු කැරකේ වටා
රණ බිමට වැඩියැයි කියා
රඹ පැහිලා නෑ තා බොලා
____