
සීතලක් සිතට සොයා යන්නද කාලය
මීවිතක් තොල මත්ව සඟවන් ආලය
බීමතින් වැඩේද තා අඩුවෙත්ද රාගය
නිදිමරන් විරහා මරන්න බෑ ය භාරිය
ළය ළඟ හොවා උණුහුම දැනෙන්නට
මට නැහැ වරම් සඳ ආදරෙ විඳින්නට
කව දෙක තුනක් දහ දහසක් ලියූවට
භව මෙම කැප නොව තුටක් කුකවිට
භාරිය කියා ඇමතුවාද මම කමා කර
පායනු ඔහු ලොව එළි දී නුදුරම අඹර
වාවනු හැම මවාගෙන මනෝ මන්දිර
කාලය සිර අවකාශ පාවෙන මා අවර
- ජයරත්න